අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත සහ ව්‍යාපාර නැවත සවිබල ගන්වන තුරු 2028 ණය ගෙවීම කල් දමා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට පවසයි.

පවතින IMF ගිවිසුම වෙනස් කර ගන්නා ලෙස කියු කතාව ජනාධිපතිවරයාට විහිලුවක් වූවාට එය සැබෑ යථාර්ථය බවත් ජනාධිපතිවරයා, ‘අනේ Please’ යැයි නොකියා මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ IMF එක සහ ලෝකයේ රටවල් සහ මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර ණය ගෙවීමට සහන ලබා ගැනීම බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

මේ තත්ත්වය තුළ 2028 විදේශ ණය ගෙවීම යථාර්ථවාදී නොවන බව IMF වෙත පෙන්විය යුතු බව ඔහු කියා සිටියි.

මේවා තමා කියන්නේ කුණාටුවට පෙර සිට වුවද රජය අනේ Please කියමින් මේ කරන්නේ මිනිස් ජීවිත සමඟ විහිළු කිරීම බවහෙතෙම පවසයි.

මිනිස් ජිවිත සමඟ දැන්වත් විහිලු නොකර සැබැ යථාර්ථය හඳුනා ගෙන මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර සහන ලබා ගත යුතු බවයි ඔහු තවදුරටත් සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයා ජන ජීවිත විහිලුවට ගෙන අනේ Please කිව්වට තමා ලෝකයේ රටවල් සමඟ සාකච්ඡා කර රටට උදව් ලබා ගැනීමට කටයුතු කරන බවද ප්‍රේමදාස මහතා කියාසිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අදහස් දක්වා සිටියේ ආපදාවෙන් විපතට පත් දොම්පේ ප්‍රදේශයේ මහා පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළ අවස්ථාවේදීය.

මේ ආපදාව නිසා මහා පරිමාණ කර්මාන්ත රැසක් අනතුර⁣ට ලක්ව ඇති බවත් මේ ආයතන මගින් විශාල පිරිසක් නඩත්තු වන නිසා මෙම ආයතන ගොඩනැගීමට කටයුතු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඉල්ලුම් දාමය සැපයුම් දාමය විශාල වශයෙන් සිදු වන නිසා මේ හා බැඳුණු ක්ෂුද්‍ර මෙන්ම සාර්ව ආර්ථිකයක් ද ඇති නිසා මේ ආයතන රැකගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි විපක්ෂ නායකයා පවසන්නේ.

නමුත් පෙනෙන්නට ඇති ආකාරයට මේ ආයතන ගොඩනැගීමට විධිමත් වේගවත් වැඩසටහනක් තවමත් නොමැති බව හෙතෙම සඳහන් කි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම අදහස් දක්වා සිටියේ ආපදාවෙන් විපතට පත් දොම්පේ ප්‍රදේශයේ මහා පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළ අවස්ථාවේදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...