2025 මුල් සතියේම 2028 ඔලිම්පික් ඉලක්ක කර කරන සැළසුම් – ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් කොළොන්නාවේදී පවසයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 09 ,(LNW) කොළඹ :

ක්‍රීඩාවෙන් දේශපාලනය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඔලිම්පික් කරා සියලුම ක්‍රීඩාව රැගෙන යාමේ සැළසුම් 2025 ජනවාරි මාසේ මුල් සතියේම ආරම්භ කරනවා. රටේ ක්‍රීඩාව එකතැන පල් වෙන්න දෙන්න බැහැ. ක්‍රීඩා සංගම් තුළ තිබෙන ප්‍රශ්ණ අපි කඩිනමින් නිරාකරණය කරනවා. “
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මෙසේ පැවසුවේ කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේ පැවති ජාතික දුණු විදිමේ සූරතාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග බෙදා දීමට එක්වෙමින්ය.

ඔබලා වගේම ක්‍රීඩකයෙක් විදියට ඔතන ඉදගෙන මමත් මේ වගේ කතා අහලා තියෙනවා. අපි ඒ කතාවන් යථාර්තයක් බවට පත් කරමු. ක්‍රීඩාවේ පුනරුද යුගය ආරම්භ කරන්න සූදානම් වෙමු. දුනු විදීමේ ක්‍රීඩාව වගේම අපේ රටේ තිබෙන සියළුම ක්‍රීඩා ජාත්‍යතර ජයග්‍රහණ කරා රැගෙන යාමේ වගකීම් අප සතුව තිබෙනවා. 2028 අපි ඔලිම්පික් බලාපොරොත්තු තබාගත හැකි වසරක් කරමු. ලස්සන රටක් පොහොසත් රටක් තේමාව ක්‍රීඩාව තුළින් යතාර්ථයක් බවට පත් කිරීමට අපි එකට එකතු වෙමු. යනුවෙන්ද අමාත්‍යවරයා තව දුරටත් අදහස් දක්වමින් පැවසීය.


ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය විසින් සංවිධානය කල මෙම ශූරතාවලිය කොලොන්නාව උමගුලිය ක්‍රීඩාංගණයේ දින 03 ක් පැවැත්වූ අතර, මේ සදහා ක්‍රීඩා සමාජ දහයක් නියෝජනය කරමින් ඉසව් 29 කට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 311 දෙනෙක් සහභාගී විය.

ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමයේ සභාපති නිශාන්ත හේරත් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...

ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් ජාතිකයන් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 71දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයෙන් පිටුවහල් කරන...

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...