*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට නව වැඩක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර 100 ක් බෙදාහැරීම  ඊයේ (08)  අරලියගහ මන්දිරයේදී සිදු විය.

චීන තානාපති කිව් ෂෙන් හොන් මහතා විසින්, චීනයේ යුනාන් පළාතේ සංචාරයේදී ආග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව බිත්තර රැක්කවීමේ යන්ත්‍ර සීයක්  අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදුන් අතර , එම යන්ත්‍ර කෘෂිකර්ම අමාත්‍යාංශයේ හදබිම අධිකාරිය මගින් දිවයින පුරා බෙදාහැරීම සිදු කිරීමට නියමිතයි.

සුවිශේෂී මිතුරෙකු ලෙස චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජන ජීවිතය නංවාලීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගෙනයන වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබාදෙන බව මෙම අවස්ථාවට සහභාගී වූ චීන තානාපති කිව් ෂෙන් හොන් මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. බී. හේරත්, ජානක වක්කුඹුර, කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සහ චමල් රාජපක්ෂ මහතා ඇතුළු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි ඇතුළු පිරිස මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan