ජගත් ආර්ථික සංවිධාන ප්‍රධානීන් බෙයිජිං නුවරට

Date:

කොළඹ LNW:චීන අගමැති ලි ච්‍යං මහතා ප්‍රධාන ජගත් ආර්ථික සංවිධාන ප්‍රධානීන් සමග සාකච්ඡාවක් ඊයේ (9) බෙයිජිංහිදී පැවැත්වුණා.

ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,ලෝක වෙළඳ සංවිධානය, එක්සත් ජාතීන්ගේ වෙළඳ හා සංවර්ධන සංවිධානය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංවිධානය, ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇතුළු ලොව ප්‍රධාන ආර්ථික සංවිධාන 10ක ප්‍රධානීහු එම අවස්ථාවට එක්ව සිටියා‍.

වර්තමානයේ ලෝක ආර්ථිකය මන්දගාමී තත්ත්වයේ පසු වන අතර ආර්ථික ගෝලීයකරණය හා බහුපාර්ශ්වවාදය අභියෝගයට ලක්ව ඇතැයි චීන අගමැතිවරයා එහිදී කියා සිටි‍යා. චීනය ආර්ථික ගෝලීයකරණයේ හා බහුපාර්ශ්වවාදයේ ආරක්ෂකයෙක් ලෙස කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා. විවිධ පාර්ශ්වයන් සමග එක්ව ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි මූලධර්මය හා බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය ආරක්ෂා කිරීමට චීනය සූදානම්ව සිටින බව ද එහිදී ප්‍රකාශ කෙරුණා.

චීනය ලද දැවැන්ත සංවර්ධන ජයග්‍රහණ අගය කරමින් එහි සිටි ප්‍රධාන ජගත් ආර්ථික සංවිධාන ප්‍රධානීන් පැවසුවේ චීන ආර්ථික ප්‍රතිව්‍යූහගතකරණය හා අනාගතය කෙරෙහි පූර්ණ විශ්වාසය තබන බවයි. චීනය සමග එක්ව බහුපාර්ශ්වවාදය හා ගෝලීයකරණය රැක ගනිමින් ලෝක ආර්ථිකය නම්‍යශීලිත්වයෙන් යුතුව සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද ඔවුන් පවසා ති‍බෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...