මන්ත්‍රීලාගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීමට කාරක සභාවක් ඉල්ලීමට රනිල් සැරසෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධ යෝජනාව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් වන කංචන විජේසේකර සහ තලතා අතුකෝරාළ විසින් අද (10) දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉදිරිපත් කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

කථානායක අශෝක රන්වල මහතාට තිබෙන බව කියැවුණු ආචාර්ය උපාධිය පිළිබඳව මේ වනවිට සමාජයෙහි කතාබහක් නිර්මාණය වී ඇති අතර ඔහුට අමතරව තවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ උපාධි සම්බන්ධයෙන් ද ආන්දෝලනාත්මක තොරතුරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මූල්‍ය වංචාවකට මඟ පෑදූ මිනසෝටා ජාවාරම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ඩො. මි. 44ක...

හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේත් වැඩ තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI)...