වැට් නිසා අතරමං වූ මුද්‍රිත පොත් ප්‍රකාශකයෝ!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ (LNW):

2024 ජනවාරි මාසයට පෙර පැවති ලෙස පොත් වැට් බද්දෙන් නිදහස් කරගනිමු’ යනුවෙන් එම සංගමය අද (10) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී , මුද්‍රිත පොත් වෙනුවෙන් පනවා තිබෙන වැට් බද්ද හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අර්බුධයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කියා සිටියේය.

මෙම බදු පැනවීම හේතුවෙන් සමස්ත සමාජයට, ප්‍රකාශකයන්ට, ලේඛකයින්ට, පොත් ආනයනකරුවන්ට සහ විකුණුම්කරුවන්ට අහිතකර බලපෑම් සිදුව ඇති බව පෙන්වා දුන් අතර, ආර්ථික වශයෙන් මෙන්ම අධ්‍යාපනය, සංස්කෘතිය හා පුද්ගල සංවර්ධනය සඳහා පොත්, වැට් බද්දෙන් නිදහස් කරගැනීම තීරණාත්මක සාධකය් බව පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ සමන්ත සමරසිංහ මහතා,

“අපේ මූලික පරමාර්ථය පසුගිය රජය සමයේ මුද්‍රිත පොත් සඳහා පැනවූ 18%ක එකතුකළ අගය මත බද්ද (වැට් බද්ද) ඉවත්කරගන්න. ලාංකීය ඉතිහාසයේ කොහෙවත් තැනක පොත්වලට වැට් හෝ වෙනත් බද්දක් පනවලා නෑ. 1950දී ශ්‍රී ලංකාව ෆ්ලොරන්ස් ගිවිසුමට අත්සන් කරලා තියෙනවා බුද්ධිමය දේපොළ යටතේ බදු අය නොකරන බවට. මේ වැට් බද්ද හරහා ඒකත් උල්ලංඝණය වෙලා.

පොතක් නිෂ්පාදනය කරනකොට මිනිස් ශ්‍රමය හැරුණාම ඉතිරි  සියල්ලම ආනයනික තත්ත්වයේ තියෙන්නේ. ආනයනික දේවල්වලට එකතැනකින් වැට් බද්ද අයකරනවා. මුද්‍රණය කරද්දී නැවත අයකරනවා. අවසානයේ මුද්‍රිත පොතටත් පසුගිය රජය වැට් බද්ද පනවන්න ගත්තා. අවස්ථාවෙන් අවස්ථාවට බදුවලට බදු එකතුවීමක් වෙලා තියෙන්නේ. 

බදු පැනවීමෙන් පොතක මිල සීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒක පාඨකයාට දරාගන්න බෑ. මේ නිසා ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අර්බුධයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලා. ඒ නිසා වත්මන් ආණ්ඩුවට ඉල්ලීමක් කර තිබෙනවා ඉදිරි අයවැයෙන් මේ වැට් බද්ධ ඉවත්කරන්න කියලා”.  ලෙස කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...