පාරෙන් තණතිල්ලට බැස වසර 21 සැමරිම

Date:

සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW)
: ඩේවිඩ් පීරිස් වෙළද නාමය වැඩිපුරම බැදි ඇත්තේ අපට නිතර ගමන් කරන පාරත් සමඟයි.ඒ යතුරු පැදි සහ පාපැදි අලෙවියේ ප්‍රමුඛ කාර්යයක් ඔවුන් ඉටු කරන නිසයි.එසේම ඔවුන් අනුග්‍රාහකයින් ලෙස ක්‍රීඩා කේෂ්ත්‍රයට පිවිසීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන ක්‍රිකට් කේෂ්ත්‍රයේ 21 වන වසරටත් අඛණ්ඩව ඊ කාණ්ඩයේ තරගාවලියට අනුග්‍රහය දැක්වීම සනිටුහන් කිරිමේ මාධ්‍ය හමුවක් වෙළද සේවා ක්‍රිකට් සංගම් ශාලාවේදී පැවත් වුණා.වඩාත් වැදගත් වන්නේ වෙළද සේවා ක්‍රිකට් අනුග්‍රාහකයින් අතර ඩෙිවිඩ් පීරිස් අනුග්‍රහය දෙවන පැරණිතම අනුග්‍රහය හැටියට පැවතීමයි.

කොටස් තුනකට බෙදා ක්‍රියාත්මක වන මෙම තරගාවලියේ ඒ කාණ්ඩයෙන් එමාර් ෆාර්මා පුද්ගලික සමාගම,ජෝන් කීල්ස් බී,ස්ලිම් ෆාර්මසියුටික්ලස් පුද්ගලකි සමාගම,අමානා ටකාපුල් පීඑල්සී,බ්‍රැන්ඩෙක්ස් එසෙන්ෂල් ඒ සහ එක්සෆෝ ලංකා ෆ්රේග්ට් තරග වදිනවා.ඊ කාණ්ඩයේ සූරතාවය සඳහා බී කොටසින් එච්එස්බීසී,අබාන්ස් සමූහය,පීඒබීසී බැංකුව,ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික,එල්ඕඑල්සී බී සහ ටීජේ ලංකා පීඑල්සී තරග බිමට පිවිසෙන අතර සී කොටසින් කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ෆිනෑන්ස්, සිලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී,ඒම්ඒඑස් සිලුවේටා,සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී,අක්බාර් බ්‍රදර්ස් පුද්ගලික සහ ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මේ සමඟ දැක්වෙන අනුග්‍රාහක චෙක්පත පිරිනැමීමේ අවස්ථාවට වමේ සිට කේඩීඑස් කණිෂ්ක (තරගාවලි සහ අනුග්‍රාහක කමිටු ලේකම් වෙළද සේවා ක්‍රිකට් සංගමය)හසිත දිසානායක ( තරග අනුගාහක කමිටු සභාපති වෙළද සේවා ක්‍රිකට් සංගමය),නාලක මඩුගල්ල (අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ඩේවිඩ් පීරිස් මෝටර් පුද්ගලික සමාගම) මහේෂ් ද අල්විස් (සභාපති වෙළද සේවා ක්‍රිකට් සංගමය) රොමානි පරාක්‍රම (අධ්‍යක්ෂ සංනිවේදන සහ සම්බන්ධීකාරක ඩෙවිඩ් පීරිස් මොටර් පුද්ගලික සමාගම) අජන්ත ප්‍රේමසිරි (ප්‍රධාන වෙළද නිලධාරි ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ්)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෝදනා දෙකකට වරදකරු වූ අලි රොෂාන්ට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත්...

ට්‍රම්ප්ගේ ඇමරිකානු තීරුබදු තර්ජන හමුවේ කැනඩාව සහ මෙක්සිකෝව එක්ව කටයුතු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

2026 අයවැයේ ඉලක්කය මෙන්න!

කොළඹ LNW: 2026 අයවැය මඟින් රටේ ඉදිරි සංවර්ධනයට අඩිතාලමක්...

වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 19) දිනයේදී බස්නාහිර, සබරගමුව,...