කිසිදු විදේශ බලවේගයකට හොංකොං කටයුතුවලට මැදිහත් වීමට අයිතියක් නෑ – චීනයෙන් ප්‍රකාශයක්

Date:

කොළඹ LNW:චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ජාතික ආරක්ෂක නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට වීසා සීමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව ඇමරිකාව පසුගිය දා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ හොංකොං සම්බන්ධ ප්‍රශ්න මුවාවෙන් ඇමරිකාව චීන නිලධාරීන් වෙත අයුතු ලෙස වීසා සීමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බවයි.

චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බන්ධ නීතිය හා විදේශ රටවල සම්බාධකයන්ට එරෙහි නීතියට අනුව හොංකොං සම්බන්ධ ප්‍රශ්නවලදී අනිසි ලෙස ක්‍රියා කරන ඇමරිකා ජාතිකයන් වෙත ද වීසා සීමා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට චීනය තීරණය කර ඇති බව ඇය පැවසුවා.

චීනයට අයත් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ කටයුතු, චීන අභ්‍යන්තර කටයුතු වන අතර කිසිදු විදේශ බලවේගයක් හොංකොං කටයුතුවලට මැදිහත් වීමට චීනය දැඩිව විරුද්ධ වන බව ද Mao Ning මහත්මිය සඳහන් කර තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...