ඇත්තටම අපේ රට සමස්තයක් හැටියට ලස්සන සුන්දර රටක්. ආපදා වුනත් තරමක් අඩු රටක්. සාපේක්ෂව ගත්තම අපි ලොකුවට කලබල වෙන්න ඕනි නැහැ තමයි.
හිරුඑළිය සහ උණුසුම එක්ක මේ රට සමකාසන්නයේ හොඳට මාකට් කරන්න පුළුවන් රටක්. හැබැයි පරිස්සමෙන්. තිරසාර විදියට.
ඒ වගේම කියන්න ඕනි අපේ රට ස්වභාවික ව්‍යසන සම්පූර්නයෙන් නැති රටකුත් නෙවෙයි කියල. ආයෙත් සාපේක්ෂව ගත්තම හැම අවුරුද්දකම වගේ ඔය යල මහ වැහි දෙකට මොනවා මොනවා හරි අපේ රටේ අහන්න ලැබෙනවා.
ඒ අහන්න ලැබෙන දේවල් අතරේ ගංවතුර කියන්නේ පොදු සාධකයක්. ඒ එක්කම නායයෑම්. පොළොව ගිලාබැසීම්. පහත්බිම් වලට සිද්දවෙන හානි වගේ දේවල් දකින්න පුළුවන්.
සුනාමියක්, සුළි සුළඟක්, භුමිකම්පාවක් වගේ එකක් නම් දශකයකට හෝ දෙකකට එකක් වගේ. නමුත් ඒවා පවා තියෙනවා කියන එක අපි හිතේ තියාගන්න ඕනි. මොකද අපි වගේ රටකට එකක් අවොත් ඇති ඒ දශකයටම.
දැන් අවුරුදු හතක් අටක් තිස්සේ ඇහෙන දෙයක් තමයි කෙටි වෙලාවක් ඇතුලේ අපිට ලැබෙන දැවැන්ත වර්ෂාපතනය. ඒ ඒ වෙලාවල කිව්වේ මිලිමීටර් 70-80-100 වගේ ගණන්. ඒවත් වැඩි පැත්තට බරයි. දැන් දැන් 100-200 වගේ කියවෙනවා. සහ දිත්වා සුළි කුණාටුව එක්ක ඒක මිලිමීටර් 500 වගේ ගාණක් දක්වා ගිහිල්ල.
ඒ කියන්නේ දැන් දශකයකට වගේ කලින් තිබ්බට වඩා දැන් ලොකු අවදානමක් තියනවා. ඒක දැන් දේශගුණික විපර්යාසයක් සහ ව්‍යසනයක් දක්වා පරිවර්තනය වෙලා. ජනාවාස සහ නගර ගැන නැවත හිතන්න වෙලා. උස් බිම් වල පදිංචි කරුවන් ගැන හිතන්න වෙලා. නුවර වගේ නගරයක් ගැන නැවත හිතන්න වෙලා.
මෙතැන් සිට ඒක රජයකට ලොකු ආයෝජනයක් සහිත දෙයක් වෙලා. ජාතික න්‍යාය පත්‍රයෙන් අයින්කරන්න බැහැ.
ඒ නිසා ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කියන්නේ කිසිසේත් අනවශ්‍ය එකක් නෙවෙයි. ඉතාම හොඳින් පවත්වා ගතයුතු එකක්. ඒවායේ ක්‍රියාකාරීත්වය හරියට සාධාරණීකරණය කලොත් IMF, World Bank කට්ටිය පිළිගන්න දේවල්. සමහර විට මුදල් ආධාර පවා දෙයි. පරිසරය ගැන එයාල එයාලගේ සීමාව ඇතුලේ සංවේදීයි (ඒ ගැන සංවාද කරන්න ඕනි තමයි).
කොළඹ විතරක් නෙවෙයි. මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරු නැගෙනහිර වැඩි අවධානයක් දෙන්න ඕනි පළාත්.
ඒ නිසා මෙතැන්සිට වත් ඒවා හොඳින් ශක්තිමත්ව පවත්වා ගන්න. තාක්ෂණය යාවක්කාලීන කරන්න. විශේෂඥ බඳවාගැනීම් කරන්න. ලෝකය එක්ක ගැටගසන්න.
මහේෂ් හපුගොඩ
