රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW :
පසුගියදා ඇතිවූ ගංවතුරත් සමඟ ජලයෙන් යටවූ නිවාස පිරිසිදු කිරීම සඳහා රජය මගින් රුපියල් විසිපන්දහසක මුදලක් ලබාදීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර,නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් රුපියල් විසිපන්දහසේ දීමනාව සඳහා රුපියල් මිලියන 67ක් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබාදී ඇති බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසයි.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා පවසන්නේ, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ද නිවාස ගංවතුරෙන් යටවු පවුල් වෙත රුපියල් විසිපන්දහසේ දීමනාව ලබාදීම මේ වන විට සිදු කෙරෙන බවයි.
නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රුපියල් විසිපන්දහසේ දීමනාව ලබාදීම ඊයේ (10) ආරම්භ කෙරුණ අතර, මෙම කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් 47න් 46ක්ම පීඩාවට පත්විය
එවැනි පවුල් 5500ක් වෙත රුපියල් විසිපන්දහසේ දීමනාව ලබාදෙන බවයි නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතානි ජාන්ස මහත්මිය ප්‍රකාශ කළාය.
කෑගල්ල කොට්ඨාශයේ ආපදාවට පත් ජනතාව වෙත රුපියල් විසිපන්දහසේ දීමනාව ලබාදීම ද ඊයේ (10) ආරම්භ කෙරුණ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගරිකා ගංගානි අතාවුද මහත්මියගේ මූලිකත්වයෙනි.
ආපදාවෙන් මිය ගිය තුන්දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයේ වන්දි මුදලෙන් පළමු කොටස ලෙස රුපියල් ලක්ෂය බැගින් ලබාදීම ද සිදු කෙරුණ බවද වාර්තා වේ.
