සටහන – රුවන් නෙළුගොල්ල
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ පළමු වරට අද (දෙසැම්බර් 12) දිනයේ දී ඒකක 14,000 ඉක්මවා ගොස් තිබේ.
අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 150.72 කින් ඉහළ ගිය අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 14,035.81 ක් ලෙසින් වාර්තා විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 42.80 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 4,186.09 ක් ලෙසින් දැක්වුණි.
අද දිනයේදී රු. බිලියන 7.35 ක කැපීපෙනෙන ගනුදෙනු පිරිවැටුමක් ද වාර්තා වී ඇත.