*
Friday, May 17, 2024
spot_img

Latest Posts

පිටට පේන හැඩ සහ ඇතුළෙ තියෙන කැත

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 29, කොළඹ (LNW) : වසර ගණනකට පසුව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ රග්බි තරගාවලියක් පැවත්වීම සතුටු වන්නට කාරණයකි.එසේම එයට පරිසර හිතකාමී නිර්මාණශීලී ඉසව්වක් ඇතුළක් කිරීමට කටයුතු කිරීම ද අපූරුය.ඒ අනුව තරගාවලියේ ක්‍රීඩකයෙක් ලබා ගන්නා සෑම උත්සාහක දිණුමතටම ඔහුගේ නමින් දුර්ළබ පැලෑටියක් වවන අතර එම පැලය අන්තර්ජාලිය හරහා ලෝකයට දැන ගන්නට ද අවස්ථාව සළසා දීමට කටයුතු සූදානම්ය.


එහෙත් ලංකාවේ රගර් සම්බන්ධයෙන් මේ වන දේ ගැන අපට ගැටළුවක් ඇත.මේ ක්‍රියාත්මක වන්නේ ආසියානු සභාපතිවරයාගේ උදහසට ලක් වූ සභාපතිවරයාට ඉවත් වන්නට සිඳුවීමෙන් ඉනික්බිතිව ඒ පැවති පරිපාලනයේම දිගුවකි.ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකාවේ රගර්වලට තමන්ට හිතවත් මිනිස්සු ඇතුළත් කර ගැනීමට රගර් පරිපාලනයට පිටින් රටේ දේශපාලනික වශයෙන් ක්‍රීඩාව භාරව සිටි නාමල් රාජපක්ෂ සමඟ එක්ව කළ කටයුතු,දේශිය අනුග්‍රාහකත්වය ක්‍රීඩා ඇමති හා එක්ව ආසියානු තරගවලට කැඳවීම වැනි කරුණු හරහා ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනයේ අනන්‍යතාවයට,ස්වාධීන්තවයට ආසියානු පරිපාලනය අනිසි බලපෑම් කිරීම සහ නිසි ගෙූරවය ලබා නොදීම මත ශ්‍රී ලංකාව ආසියානු පරිපාලනය සමඟ සිටියේ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ නොවන තත්ත්වයකය.ඒ නිසා නිතර ශ්‍රී ලංකාව පීඩාවට ලක් වූ අතර හිටපු සභාපතිවරයා සෘජුව ශ්‍රී ලංකාවේ රගර්වලට තමන්ගේ සීමාව ඉක්මවා ගොස් බලය පාවිච්චි කිරීමට ආසියානු සභාපතිවරයා දැක් වූ මැදිහත්වීම හෙළා දැක්කේය.ඒ තීරණය මත සිට මේ පරිපාලනයේ සිටිය සියලුම අය ද ශ්‍රී ලංකා රගර් හී නිදහස,ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියේය.


අවසානයේ හිටපු සභාපතිවරයාගේ නිර්දෝශිභාවය වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් කරුණු දැක්වීමේ එකඟතාවයක්ද රගර් පරිපාලනයේ තිබුණු අතර ආසියානු ක්‍රීඩා උළෙලට ආසියානු ඔලිම්පික් සංගමයටත් පිටින් ගොස් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන්නට ඉඩ නොදෙන්නට ආසියානු සභාපතිවරයා උත්සාහ ගත්තේය.ඒ අවස්ථාවේදී ආසියානු ඔලිමිපික් කමිටුවට තරගාවලියෙන් රගර් ක්‍රීඩාව වුව ඉවත් කිරීමේ බලයක් ඇති බව දන්වා සිටීමට ආසියානු ඔලිමිපික් කමිටුවට සිඳු විය.ඉන් අනතුරුව වෙනත් ධජයක් යටතේ රගර් ක්‍රීඩා කරන්නට ශ්‍රී ලංකාවට සිඳු විය.


මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවේ රගර්වලට තමන්ගේ රෙද්ද පොරවා තඩිබෑමෙන් වළක්වා ගෙන,තමාගෙන් තොර වුව ද තමන් සමඟ එකට සිටි කණ්ඩායම ශ්‍රී ලංකා රගර්වලට සිඳු වූ අකටයුත්ත නිවැරදි කරන්නට මැදිහත් වනු ඇතැයි සිතා හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉවත් විය.එහෙත් දැන් සිඳුවෙමින් පවතින්නේ තමන්ගේ රෙදි ද ඉවත් කර ආසියාව ඉදිරියේ දන නමාගෙන වැද වැටීමද යන්න සැකය.අප ජාත්‍යන්තර කණ්ඩායම් හතරක් සහභාගි වන තරගාවලියේ මාධය හමුවේදී ඒ ගැන විමසා සිටියේ එබැවින්ය.
ඇත්තටම අපට දැන ගන්නට ඕනෑ වූවේ දැන් ස්ථාවරය වෙනස් කර,ශ්‍රී ලංකාවේ රගර්වල කීර්තිය වල පල්ලට යැවූ මිනිසුන් විසින් අවසාන වශයෙන් ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ රගර් ආසියානු රගර් සභාපතිවරයාගේ රටෙන් පහළට වැට්ටීම සඳහා උපකාර කිරිමේ අනියම් පරමාර්ථ හෝ තේරුම් ගෙන ආසියාව ශ්‍රී ලංකාවට කළ දේ ගැන විරෝධය තබා ගෙන මේ තරගාවලියට එකතු වෙන්නට ගුවන් හමුදාවේ හිටපු ඉහළ නිලධාරියෙක් ලෙස නලීන් ද සිල්වා පෙරමුණ ගෙන ඇතැයි යන්නය.පිළිතුර හැටියට පැහැදිළි වූවේ ප්‍රතිපත්තිමය වශයෙන් එවැනි අසාධාරණයක් වූවා වැනි අදහසක නලීන් නැති බවය.ඔහු ආසියාවේ සභාපතිගෙන් ලැබෙන,ආසියානු පරිපාලනයෙන් ලැබෙන සහ ලෝක රග්බි වෙතින් ලැබෙන ආශිර්වාද ගැන ප්‍රශස්ති ගයා ආසියානු රගර් සමග ශ්‍රී ලංකාවට තිබුණු ගැටුම සාධාරණ බව හෝ කියන්නට ඉදිරිපත් වූවේ නැත.අසාධාරණ විදිහට තහනම් කිරිම බලපෑම් කිරීම මත තවමත් ඒ ගැටුම සහ විසංවාදය පැවතිය යුතු වුව ද,නලීන් ද සිල්වා ට ලොක්කෝ යට දෙවැන්නා තෙවැන්නා ලෙස සිට මේ අහම්බෙන් පැටවුණු බර කොන්ද නැමෙන්නටම දැනී තිබෙන බව දැණින.
ඔහු අසංග සෙනවිරත්න සභාපතිත්වය දරණ අවධියේ දී ද,විදේශ ක්‍රීඩකයින් අනිසි ලෙස ක්‍රීඩා කරවා පවුම් 50000 ක දඩයක් වඳින විට ඒවා මුවින් නොබැන ඉවසු ලේකම්වරයා ය.එසේ පිටුපසින් සිට කටයුතු කර දැන් පාලනයේ එක වෙන්නට ලද අවස්ථාවේදී මේ පැවත්වූ මාධ්‍ය හමුවේදී වුව ඔහු හැසිරුණේ වැඩිපුරම මයික්‍රපෝනය භාවිතා කිරීමේ ගෞරවය දිනා ගැනීමේ තරගයකින් දිනන්නට මෙන්ය.ඒ නිසා අඩුම තරමේ මාධ්‍ය හමුවේදී ක්‍රීඩා කරන රටවල ක්‍රීඩා නායකයන් හඳුන්වා දුන්නේ නැත.ඔසවාගෙන පැමිණි සිටි අනුග්‍රාහක චෙක්පත් පිරිනැමීම සිඳු වූයේ නැත.මාධ්‍ය නිවේදනයක් හෝ සකස් කරන්නට කටයුතු කර තිබුණේ නැත.ඇති වෙන්නට මයික්‍රපෝනය භාවිතා කර සභාපතිවරයා මුළු මාධ්‍ය හමුවේදීම වෙනත් අයගේ කතා අතරින් ද පැන කතා කළේය.


නැවත මේ සටහනේ මුලටම යන්නේනම් අප ආසියානු මට්ටමෙන් රටට තරගාවලියක් ඒම ගැන රගර් ප්‍රේමීන් හැටියට සතුටුය.ඒත් මනමාලියගේ පතිවත විකුණා ලක්ෂේට කොඩිය දා මඟුල් කෑම වැදගත් නැත.ආසියානු පරිපාලනය සමඟ ගැටුම ඇති වීම,ඊට හේතු වූ කාරණා ආදිය ගැන ශ්‍රී ලංකා රගර් ප්‍රකාශයක් නිකුත් කළ යුතුය. ශ්‍රී ලංකාවේ රගර් සභාපතිට සහ රගර්වලට ආසියානු පරිපාලනයෙක් කළ අසාධාරණය ගැන නෛතික වශයෙන් කටයුතු කරන්න ජාත්‍යන්තරයට යන බව කී තීරණය වත්මන් වැඩ බලන සභාපතිවරයාට ලැබුණු ඉහළ පුටුවේ රශ්ණය සමඟ උණු වී දිය වී ගොස් ආසියානු සභාපතිවරයාගේ “යේස් ස්ර්” ගැත්තෙක් වී ඇද්ද?
ශ්‍රී ලංකා රගර්, ආසියානු රගර් සමඟ පැවති ප්‍රතිපත්තිමය නො’ගැලපීම ආසියානු රගර් බලපෑමට යටත් වී ඉවත් කර ගෙන ද,නැතිනම් ආසියානු රගර් තමන් ගත් තීරණ වැරදි බව ශ්‍රී ලංකාව ඉදිරියේ පිළිගෙන ඇද්ද?මේ කාරණා දෙකෙන් වත්මන් ආසියානු ශ්‍රී ලංකා රගර් පිටියේ සම්බන්ධය වෙනුවෙන් ශ්‍රී ලංකා රගර් ගෙන ඇති තීරණය කවරේද යන්න මේ රට දැන ගත යුතුය.


මේ සියල්ල නිසා ආසියාවේ කණ්ඩායම් හතරක් එක තැනකට එකතුවන තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවත්වීම මෙන්ම පාරිසරික වශයෙන් පරිසර හිතකාමීත්වයට රගර් යොදා ගැනීම ගැන ද අපට කියන්න තිබෙන්නෙත්,අප දකින්නේත් ලස්සන හැඩයක්ය.ඒත් ඇතුළෙ තිබෙන කැත විසින් මේ හැඩය නිර්මාණය කරන්නේනම් එයින් පැන නඟින සතුට අපට සම්පූර්ණයෙන් භූක්ති විඳින්න නොහැකිය.ඒ කැත මකා ගෙන රට ප්‍රතිපත්තිමය වශයෙන් ගත් තීරණයේ සිට සටන් ලෝකයත් සමඟ වුව සටන් කළ යුතුය.
මේ සමඟ වන පිංතූරයේ ඇත්තේ ජයග්‍රාහකයන්ට පිරිනමන කුසලානය ය.එය සම්පූර්ණයෙන් අතින් නිමවා ඇත්තේ රග්බි ලෝක කුසලානයේ හැඩයට නුවර ප්‍රදේශයේ කැටයම්කරුවෙකුගේ අතින්ය.ඒවා පිටට පේන අගය කළ යුතු මරු වැඩ වුවත්,අවසානයේ රටේ රගර්වල අභිමානය ස්වාධීනත්වයට එල්ල වූ බලපෑම්වලට එරෙහිව කටයුතු කිරිම තමන්ට ඉහළ පුටුවක් හිමිවීම සමඟ නැවතීමනම් කැතම කැතය.ඒ් කැත තරගාවලියේ පිටියට නෑවිත් හොඳ තරගකාරී තරග කිහිපයක් නැරඹීමේ අවකාශය ශ්‍රී ලංකා රගර් ලෝලීන්ට උදා වෙන්නයි ද අපි ප්‍රාර්ථනා කරමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan