සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW):
ඔහු සමාජය වැඩ බිමක් ලෙස සැළකූ අයේකය.රටක් වෙනුවට ලෝකයක් විශ්වාසයට ගත් විශ්වීය මිනිසෙක්ය.සුනිල් රණසිංහ වූ ඒ දැවන්ත චරිතය සංකීරණ දේශපාලන සමාජය තුළ සිය දැණුමේ අනන්‍යතාවය සටහන් කළා හැරෙන්නට,ඔහු විශ්වාස කළ සුනිල බව නිල හෝ නොනිල ලෙස පාවා නොදුන්නේය.
දැණුම උපකාරයක් කොට දායාද කළා හැරෙන්නට සුනිලුන් එය උපහාරයක් උපකාරයක් පතා වැය නොකළ මිනිසෙක්ය.රටේ ඉහළම තැනින් පවා යාන වාහන සමඟ තනතුරු යෝජනා වන පසුබිමක ඔහු සිටියේ ජිවිතය පාරට දිය කර හරිමින් මිනිසුන්ගේ සිත් තුළ දැණුම රෝපනය කිරීමේ අරමුණෙන්ය.ඒ දැණුම න්‍යායාත්මක දෙසුම්වලින් මිදුණු,ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින් පොහොසත් ඒවාය.ඒවා අත් විද,අභ්‍යාස කළ ජාත්‍යන්තර වූ පළල් පරාසයක පිහිටා රැඟෙන ආ දේ ය.
වයස ඔහුට ඉලක්කමක් පමණක් විය.ඕනෑම දුෂ්කරතාවයකදී ඔහු ජනතාවගේ අවශ්‍යයතාවයන් වෙනුවෙන් ඒ ඉලක්කම්වල වටිනාකම් නොතකා හිට ගන්නට සවිමත් වූ නොමියුණු තරුණ හිතකින් පොහොසත්ව සිටි මිනසෙක්ය.එහෙත් තීරණ ගැනීමේදී ඇති සංවරය,ශික්ෂණය,අත්දැකීම හරහා දැණුම පෙරා ගත් ආකාරය ඔහු සිටිය වයසටත් වඩා මුහුකුරා ගිය බවක් පෙන් වූ තත්ත්වයක් විය.ඒවා පරිණත වන්නා සේ ම තරුණ ද වූවේ ය.විශ්වාසයට ගැනීමට නොහැකි තරමේ සුනිල දැක්මකින් පෝෂණය ලද දේ ය.
දේශපාලනය,සාහිත්‍යය,කලාව,ජන මාධ්‍ය වැනි කේෂ්ත්‍ර ගණනාවක් හරහා ඔහු සිය පැසුණු බුද්ධිය සමාජ ගත කරන්නට උත්සාහ ගත්තේය.ඒවා රසවත් මෙන්ම නැණවත් ද වූ හරවත් වූ ලෝකයේ විවිධ ශානරයන් සමඟ සබැදි වූ ප්‍රකාශනයන්ය.ලෝකයේ විවිධ වූ සමාජයන් ඇසුරේ වැඩ කර තිබුණු සුනිල් රණසිංහ හැමවිටම මානව ප්‍රේමය පදනම් වූ මිනිස් පවුරක් ලෙස ලෝකය නිර්මාණය වීමත්,එහි ලාංකේය සළකුණ හැටියට ශික්ෂාකාමි මානව බැදීම් සහිත ආදරණීය සමාජයක් ද අපේක්ෂා කළේය.
ඔහු වැඩ බිම්වල හමුවන බොහෝ වියතුන් එකිනෙකා වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන කුලකයන්ගෙන් මිදුණු වියතෙක් විය.සරසවිය,විශය,මිත්‍රත්වය හෝ ප්‍රාදේශිය වැන ශානර මත පිහිටා අනියම් ලෙස ප්‍රකාශන සහ ක්‍රියාකාරකම්වලින් කිසිවක් රකින්නට සුනිලුන් උත්සාහ නොගත්තේය.ඔහු කරන වැඩ කටයුතු තුළ රැකීමට උත්සාහ කළේ මානවීය ගුණ ධර්ම සහ විෂය අනන්‍යතාවයම පමණි.ඒ නිසාම ඔහු ලංකාවේ ගුරුකුල උගතුන් විසින් නොරැකි ඊට අඩංගු වූ ස්වාධීන විප්ලවවාදියෙකු විය.නමුත් හැමතැනම ඔහුට වැඩට ඉඩ තිබිණ.කාගේ හෝ චෝදනාත්මක ඇඟිළි කෙළවර ඔහුව විවේචනයට බදුන් කරන්නට කරුණු නැති වියතෙක් මෙන්ම ප්‍රේමණිය මිනිසෙක් විය.
ඓතහාසික අරගල බිමේ දී ඔහු වඩාත් කේන්ද්‍රව සිටියේ චිත්‍රාගාරය සමඟය.එහි ආ ගිය මිනිසුන්ගේ නැණ පවස නිවූ දැවන්ත කාර්යභාරයක් සුනිලුන් විසින් සිඳු කළේය.පාර කොණක බිමක ඉඳගෙන ඔහු යමක් දැන ගන්නට ඇති තැනත්තාට එය කියා දී අවසන් කරන්නට වෙහෙස හෝ වෙනත් දුෂ්කරතා නොසළකා හැරියේය.ආදරය අරගලයේ තේමාව වූ ආකරයටම ඔහු ඒ ආදරයට බෙහෙවින්ම ප්‍රේම කළ මානව හිතවාදී දැක්මකින් ඔහු වටා සිටි මිනිසුන් තුළ මතුවන ආවේග,ප්‍රවේග මට සිළුටු කරන්නට නිරන්තරයෙන්ම සිය දැණුමෙන්,පැසුණු බුද්ධියෙන් සහ අත්දැකීම්වලින් මැදිහත් වූවේය.
එහෙත් හෙට (දෙසැම්බර් 13 වන දා) පස්වරු 6.00 න් පසුව ඒ රූපකාය නිසලව හෝ අපට දකින්නට නැති වනු ඇත.සමුගෙන යා යුතු විදිහට ඔහු සිතූ ලෙසටම මිත්‍යාවේ බැදීම්වලින් තොරව විශ්වාසයේ ආදරය මානව වර්ගයාගේ හදවත් තුළ ඇති කළ යුතු දේශපාලනයේ විද්‍යාව අනුවම, කිසිඳු ආගමික මැදිහත්වීමකින් තොරව ගොඩිගමුව සුසාන භූමියේ ආදාහනාගාරයේ දුම් රොටු අතරින් මැකී යනු ඇත.ඔහු වානිජමය වූ සමස්ත සමාජ ව්‍යහුය තුළ කිසිවකට සිය සුනිල බව නැති කරන්නට ඉඩ නොඳුන් මානවීය විශ්මයකි.ඒ විශ්මය විශ්වාස කළ හැකි සත්‍යයක් කිරීමට ආදරයෙන් සටන් කළ උත්තරීතර ගුණ සමුදායට අපේ ආචරය හිමි විය යුතුය.
මේ සමඟ ඔහු අරගලෙයේ අවසාන භාගයේ දී චිත්‍රාගාරය විසින් පැවත් වූ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් දැක් වූ අදහස් පහත වීඩියෝවෙන් දැක ගැනීමට හැකිය.