විලක සැඟවුණු මල් කැකුළු!

එංගලන්තයේ බටහිර මිඩ්ලන්ඩ්ස් හි සෝලිහුල් අසල වැවක, මිඳී තිබූ තුනී අයිස් කුට්ටියක් කඩා වැටීමෙන් වයස අවුරුදු අට, දහය සහ එකොළහ යන වයස්වල පිරිමි ළමුන් තිදෙනෙකු මියගොස් ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් ඉරුදින පස්වරුවේ සිඳු වූ මෙම සිදුවීමෙන් සිද්ධියට අදාළ සය හැවිරිදි සිව්වන පිරිමි ළමයාගේ තත්ත්වය අසාධ්‍ය මට්ටමේ පසුවන බව වාර්තා වේ.

Kingshurst හි ස්වභාවික රක්ෂිතයක් වන Babbs Mill Park හි පිහිටි වැවට ඔවුන් ඇද වැටී තිබූ අවස්තාවේ ළමුන් හතර දෙනාම හෘදයාබාධයකට ලක්ව සිටියහ.

අයිස් මත පුද්ගලයින් හය දෙනෙකු දැක ඇති බවට හදිසි කාර්ය මණ්ඩලයට තොරතුරු ලැබී තිබූ හෙයින් ඔවුන් දිගටම මෙහෙයුම්වල නිරත වී ඇති අතර ඔවුන් ගලවා ගැනීමට සාමාන්‍ය ජනතාව, පොලීසිය මෙන්ම ජල-ගලවා ගැනීමේ බටයන් පිරිසක් ද පැමිණ තිබූ බවට එරට මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...