හිටපු ජනාධිපති මහින්දගේ ආරක්ෂක වියදම මෙන්න!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් වාර්ෂිකව රු. ලක්ෂ 3260ක් වය කර ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් මිලියන 1100 ක මුදලක් වැය කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරන අතර ඉන් වැඩිම මුදලක් වැය කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙනි.

ඒ අනුව මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය වියදම් කළමනාකරණය කරගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් සිදු කිරීමට රජය පියවර ගත්තේය. එම සමාලෝචනයට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් නිළධාරීන් සංඛ්‍යාව 60 දක්වා අඩු කිරීමට රජය පියවර ගෙන ඇත. රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට අනියුක්ත කර සිටි ආරක්ෂක නිලධාරීන් 116ක් එම සේවාවෙන් ඉවත්කර ගැනීමට රජය කටයුතු කර තිබේ.

ආරක්ෂාව සඳහා යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් 60 දෙනා සමඟ ජීප් රථ දෙකක්, යතුරු පැදි දෙකක් සහ ත්‍රීරෝද රථයක් ලබාදී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...