*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

ආසියානු කුසලානයෙන් ඉවතට වීසි වූ 19 න් පහළ කණ්ඩායම

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): බංගලාදේශය හමුවේ ලද කඩුලු 6 ක පරාජයත් සමඟ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය අහිමි වුණා.ඇතැම් විට මේ කණ්ඩායම ජපානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය කාණ්ඩයේ සිටීම සම්බන්ධයෙන් ප්‍රමාණය ඉක්ම වූ විශ්වාසයකින් කටයුුතු කිරීම මේ පරාජයට හේතු වන්නට ඇතැයි සිතනවා.


තරගාවලිය ආරම්භ කරමින් ජපානය සමඟ පැවති තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට හොඳ පෙර පුහුණුවක් ලබා ගැනීමේ ඉඩ සළසමින් කාසියේ වාසිය හිමි වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වෙහෙසකර සහ පලදායි අවස්ථාව අහිමි කර ගනිමින් පළමුව පන්දුවට පහර දීමට ජපානයට ආරාධනා කළා.ඒ නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ට හොඳ පුහුණුවක් සමඟ විශ්වාසයෙන් ලකුණු අතරට ඒමට තිබුණ ඉවසිලිවන්ත අවස්ථාව අහිමි වුණා.ජපානය ලකුණු 75 ට සීමා කර ගත්ත ද,එය ඉක්මණින් පසු කර යාමට දරන ලද උත්සාහයේදී කඩුලු 3 ක් ද අහිමි කර ගත්තා.


එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් හොඳ ඉණිමක් ගොඩ නැඟීමට තිබුණ ඉඩ ප්‍රයෝජනයට ගැනීම ප්‍රමාණවත් පරිදි ශ්‍රී ලංකා පිතිකරුවන් අතින් සිඳු වුණේ නැහැ.ඒ නිසා ශ්‍රී ලංකා ඉණිමට ලකුණු 220 ක දී නවතින්නට සිඳු වුණා.එම ලකුණු ප්‍රමාණය දුෂ්කර වෑයමක් කිරීමට අවශ්‍යය පීඩනය ඇති කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුණේ නැහැ.ගරුක සංඛේත් සහ විශ්ව ලහිරු හැරෙන්නට අන් පන්දු යවන්නන්ගෙන් පීඩනයක් ඇති නොවුණු නිසා එක්සත් අරාබි ක්‍රීඩකයින් සැළසුම් සහගතව ස්ථාවර වූ එක් පිතිකරුවෙකු වටා ගොනු වෙමින් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍යය ස්ථාවරය සකසා ගත්තා.


එක්සත් අරාබි එමීර් කණ්ඩායම ඊයේ යම් ආකාරයකින් ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය අතින් පරාජය වුණ ද,මේ තරගාවලියේ අවසාන පූර්ව වටයට පිවිසීම සඳහා අවශ්‍යය සැළසුම වෙනුවෙන් තරගයේ කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දුන්නා.එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් ලකුණු 320 ක ලබා ගත්තා.කඩුලු 7 ක් පූජා කරමින් ලැබූ එම ලකුණු ප්‍රමාණයට පිළිතුරු ලෙස ජපානය ලකුණු 213 දී නවතා දැමූ එමීර් ක්‍රීඩකයින් ලකුණු 107 ක ජයක් ලබා ගත්තේ බංගලාදේශය පරාජයට පත් කළ ද ශ්‍රී ලංකාවට වඩා ලකුණු වේගය අතින් හෝ ඉදිරියෙන් සිටින්නට ඉඩ සකසමින්.


මේ තත්ත්වය තුළ තරගාවලියෙන් ඉවතට වීසි වීමේ වැඩි අවදානමක් සහිතව බංගලාදේශය සමඟ තරගයට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් වෙතින් එම පීඩනය ඉණිම පුරාම දකින්නට ලැබුණා.කිසිඳු ක්‍රීඩකයෙකු වෙතින් පිරුණු ඉණිමක් ප්‍රදර්ශනය නොවුණු මේ තරගයේ ශ්‍රී ලංකා පිතිකරුවෙක් වෙතින් වාර්තා වූ හොඳම ඉණිම ලකුණු 28 ක් වුණා.එය ආරම්භක පිතිකරු පුළින්දු පෙරේරාගේ පිත්තෙන් වාර්තා වුණා.එක් ක්‍රීඩකයෙකු හෝ දීර්ඝ ඉණිමක් ක්‍රීඩා කරේනම් ලකුණු 250 ඉක්මවා යාමේ හැකියාව තිබුණ ද ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිවෙක් වෙතින් එය සනාත වුණේ නැහැ.මේ නිසා සමස්ත ඉණිම කඩුලු 9 ට ලකුණු 200 ක් ලෙස මන්දගාමී අවසානයකට ළඟා වුණා.


ඒ වන විටත් තරග දෙකක ජය තහවුරු කර ගෙන සිටි බංගලාදේශයට මේ ලකුණු පූවරුව තර්ජනයක් ඇති කරන්නට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඔවුන් ප්‍රායෝගිකව පැහැදිළි කළා.ආරම්භක පිතිකරු අශිකර් රහ්මන් ශිබ්ලි වටා බංගලාදේශ ඉණිම ගොඩ නැඟුණු අතර ඔහු පන්දු ඕවර් 40 ම පිටියේ රැදෙමින් වීශ්වාසවන්ත ඉණිමක් දියත් කළේ නොදැවී ලකුණු 116 ක් රැස් කරමින්.ඒ අනුව කඩුලු 6 ක ජයක් සහිතව බංගලාදේශය අනෙක් කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසුණු දෙවන කණ්ඩායම වන ඉන්දියාවට එරෙහිව අවසාන පූර්ව වටයේදී තරග වදින්නට නියමිතයි.බංගලාදේශයට පරාජය විම කම්පාවට කාරණයක් ලෙස ශ්‍රී ලංකාව නොගත යුතු වන්නේ ඔවුන් වරක් අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයද දිනා ඇති රටත් වන නිසයි.නමුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති තරගය පරාජය වීමනම් ජය ගැනීමට තිබුණ තරගයක් ප්‍රතිවාදීන්ට පූජා කිරීමක් ලෙස පැවසිය යුතුයි.


හොඳ කණ්ඩායමක් ක්‍රීඩා පිටියට පිවිසීම ප්‍රමාණවත් නැති බවත්,ජයග්‍රහණය සඳහා අවශ්‍යය විශ්වාසය සහ සැළසුම් සහගත බව ද තිබිය යුතු බවත්,එසේම අධි තක්සේරුවකින් සිටීම පරාජයට හේතු විය හැකි බවත් මේ තරගාවලියෙන් පැහැදිළි වුණා.එසේම මේ කණ්ඩායම තුළ ද මානසික විශ්වාසය මීට වඩා තිබිය යුතුව තිබුණු බව පැහැදිළියි.ඉදිරියේ දී ජාතික කණ්ඩායමේ සිට ජාතික මට්ටමේ කණිෂ්ඨ කණ්ඩායම් දක්වා මේ මානසික විශ්වාසය ඇති කිරීම ජාතික අවශ්‍යයතාවයක් බව හඳුනා ගැනීමට ඉඩ ලැබුණු තරගාවලියක් ලෙස මේ තරගාවලිය හැදින්විය හැකියි.


තරගාවලියෙන් අනතුරුව පිටියට පිවිසුණු ක්‍රීඩකයින් අතින් ජයග්‍රහණයට අවශ්‍යය සාධක සම්පූර්ණ නොවීම මේ මොහොතේ පවතින ක්‍රිකට් වාතාවරණය ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට ගල් පෙරළිමේ කාරණාව වෙනුවෙන් යොදා ගැනීම මේ මොහොත වන විටත් ක්‍රියාත්මකයි.නමුත් සිදු විය යුත්තේ මේ පරාජයට හේතුව පිටිය තුළ ප්‍රදර්ශණය වූ තරග රටාව ඇසුරෙන් අවබෝධ කරගෙන එම අඩු පාඩු පදකම බුරුල් වූ ගල් ලෙස ගෙන ඒවා ශක්තිමත්ව බැඳීමට අවශ්‍යය කටයුතු සැළසුම් කිරීමයි.දීර්ඝ ඉණිමක් ගොඩ නැඟීමට අවශ්‍යය හැකියාව ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොතිබුණ බව කිව නොහැකි අතර එය සිඳු කිරීමට නොහැකි වූයේ ඇයි ද යන්න විමසා බැලිය යුතුයි.අපට අනුව මේ ක්‍රිඩකයින්ගේ ඔළුව ගැන නොසිතා ඇඟ ගැන සිතීම මේ ගැටළුවට හේතුව වන අතර ක්‍රිඩා රටාව පොහොසත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරෙන භාෂාවෙන් වැඩ කළ හැකි පොළවට සම්බන්ධ මිනිසෙකු යොදා කණ්ඩායමේ මානසිකත්වය ගොඩ නැඟීමට පහසුකම් සැළසීම නොපමාව සැකසිය යුතුයි.


කෙතරම් ඛේදණීය අයුරෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් අතින් වගකීම බිදී ගියේද යන්න හොඳින් වටහා ගන්නට මේ සමග ඇති ලකුණු විස්තරයට පිවිසීමට ඇති සබඳතාවය යොදා ගත හැකියි.ඡායාරූපයෙන් දැක්වෙන්නෙ විශිෂ්ඨ ඉණිමක් දියත් කරමින් තරගයේ වීරයා වූ අශිකර් රහ්මන් ශිබිලි යි.
https://www.espncricinfo.com/series/asian-cricket-council-under-19s-asia-cup-2023-24-1411739/bangladesh-under-19s-vs-sri-lanka-under-19s-11th-match-group-b-1411757/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan