තෙල් පිරිපහදුව හෙට සිට යළි වැඩ!

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (16) යළි විවෘත කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ, හෙට සිට පිරිපහදුවේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කිරීමට සැළසුම් කර ඇති බවයි.

ඉන්ධන නිෂ්පාදනය සඳහා අවශ්‍ය බොරතෙල් සංචිත මේ වනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ලැබී ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

පසුගිය ඔක්තෝබර් මස 7 වැනි දා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණේ, නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය බොරතෙල් නොමැති වීම හේතුවෙනි.

ඒ අනුව දින 70 ක් පමණ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබුණි.

හෙට (16) දිනයේ පූර්ණ ධාරිතාවෙන් නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කළ පසු දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1,500 ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 550 ක්, භූමිතෙල් සහ ගුවන්යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 950 ක් සහ නැප්තා මෙට්‍රික් ටොන් 1,500 ක් නිකුත් කළ හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...