Chido නිසා ප්‍රංශයට දැඩි පීඩා!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

චිඩෝ සුළි කුණාටුව පැයට කිලෝමීටර් 225 ට වඩා වැඩි වේගයෙන් හමා යමින් පවතින අතර, සුළි කුණාටුවෙන් ප්‍රංශයට අයත් මයෝට් හි  11 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ඉන්දියන් සාගරයේ පිහිටි ප්‍රංශයට අයත් මයෝට් දූපත්හි 320,000ක පිරිසක් අවතැන්ව සිටින බව වාර්තා වන අතර,ඔවුන් ආහාර හා ජලය නොමැතිකම මෙන්ම නිවාස අහිමි වීමෙන් ද පීඩාවට පත්ව සිටින බව පැවසේ.

කුණාටුව හේතුවෙන් අවතැන්වුවන් බොහෝ පිරිසක් සරණාගතභාවය ඉල්ලා ප්‍රංශයට පැමිණි අය වීම ද බරපතල ගැටළුවක් වී ඇති අතර, මයෝට් හි ජිවත්වන ජනගහනයෙන් 75% ක් පමණ දිළිඳු අය බව වාර්තා වේ.මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි අතර, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මයෝට් වැසියන්ට අවශ්‍යපහසුකම් ලබා දෙන බවට සහතික වී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...

ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්තයි.වන්දියත් හොඳයි.ලොකු පිනක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ...