*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

ඉවසීම කියන්නේ නිවටකම නෙවෙයි.බලන් ඉන්න ඊළඟ පාරත් දිනන්නේ අපි – බැසිල්

කොළඹ LNW:ඉදිරියටත් යම් මැතිවරණයක් තිබෙනවා නම් ඉන් දිනන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව එහි නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මේ රටේ ඕනම ක්ෂේත්‍රයක සංවර්ධනයක් වුණා නම් ඒ මහින්ද රාජපක්ෂ යුගයේ වන අතර ඒ අයිතිය කිසිවෙකුට උදුරා ගැනීමට දීමට නොහැකි බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ.

ඒ අනුව සැබෑ එඩිතර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට කැපවිය යුතු වන බව ඔහු කියාසිටියේය.

“එදා පිහිටවූ පක්ෂයට දැනට වසර 88ක් වෙනවා. අපේ පක්ෂයට අවුරුදු 7 යි. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණ දුන් හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඉදිරියටත් යම් මැතිවරණයක් තිබෙනවා නම් දිනන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව කියනවා. එහි ගෞරවය, අයිතියා තිබෙන්නේ ඔබ සියලු දෙනාටයි. අපි කළේ වින්නඹු මාතාවගේ කාර්යයයි. ඒ සියලු ගෞරවය ඔබට හිමිවෙනවා. අපේ පක්ෂය ඉදිරියටත් ශක්තිමත් කළයුතු වෙනවා. ඔබ කළ කැපවීම අපි අගය කරනවා. අපි මේ ජයග්‍රහණය සියල්ලටම අයිතිය ඔබට දෙනවා වගේම මහින්ද රාජපක්ෂ මහතා අපිට ඉගැන්වූයේ කිසිවෙකුට වෛර කරන්න එපා කියලයි. පශ්චාත් ප්‍රචණ්ඩත්වය තුරන් කළා. මැතිවරණ ජයගත් පසුව කිසිවෙකුට හිරිහැර කළේ නැහැ. ඉදිරියටත් අපි ඒ මහතාගේ ආදර්ශය අනුගමනය කරනවා. කිසිවෙකුට නොකියපු තමන්ගේ ගේ දොර අහිමිකර ගත්ත, දේපළ නැතිකර ගත්ත විශාල පිරිසක් ඉන්නවා. කිහිපදෙනෙකුට ආධාර ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපි ස්තුති වන්ත වෙනවා. තවමත් ආධාරයක් නොලැබුණු විශාල පිරිසක් ඉන්නවා. ඒ අය ගැන අවධානය යොමු කළයුතු වෙනවා.

අපේ රටේ සියලු දෙනාම එක වගේ මරණ බිය ඇතිවුණු අවස්ථා දෙකක් තිබෙනවා. කොටි ත්‍රස්තවාදය නිසා මරණ බිය ඇතිවුණා. ලෝකයේ ඇතිවූ කොවිඩ් වසංගතය නිසා මරණ බිය ආවා. ඒ දෙකෙන්ම බේරා ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. එහි ගෞරවය ඔබටත් තිබෙනවා. මේ රටේ ඕනම ක්ෂේත්‍රයක සංවර්ධනයක් වුණා නම් ඒ සිදුවුණා නම් මහින්ද රාජපක්ෂ යුගයේ. ඒ අයිතිය තිබෙන්නේ ඔබටයි. මේ රටේ සෑම සංවර්ධනයක් තිබෙනවා නම් මහින්ද මහත්තයා කළ දේවල් බව අපි දන්නවා. ඒ අයිතිය කිසිවෙකුට උදුරා ගන්න දෙන්න බැහැ. මීළඟට මොකක් ද සිදුවන්නේ. මීළඟටත් අපි අනිවාර්යයෙන්ම පොහොට්ටුව දිනන්න කටයුතු කරනවා. අපි ඕනම දෙයකට සූදානම්. මේ ජයග්‍රහණවලට අපි සූදානම් වෙමු. අපේම ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු වෙමු. නියම එඩිතර ආණ්ඩුවක් බවට පත් කරන්න කටයුතු කළයුතු වෙනවා. ඒ වෙනුවෙන් අපි ශක්තිය දෙනවා. දුර බැහැර සිට මෙහි පැමිණි සැමට අපේ ගෞරවය පිරිනමනවා. ඒ වගේම ඔබට ගමට යනවිට ආරක්ෂාකාරීව කටයුතු කරන්න කියා ඉල්ලනවා.

ඉවසීමෙන් කටයුතු කළාට අපි කිසිම වෙලාවක නිවටයන් වෙන්නේ නැහැ. ඕනම දේකට අපි සූදානම්. සිංහයෙකුට ගලක් ගැසුවොත් නතර වෙලා ගලක් ගැසුවේ කවුද කියා බලනවා. ඒ නිිසා අපිට ගල් ගසන්න උත්සාහ කරන්න එපා. අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ඊළග මැතිවරණවලදීත් අපි අපරාජිතව ඉදිරියට ගමන් කරනවා” යනුවෙන් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ. ඊයේ (15) කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමුළුව අමතමිනි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan