රුසියාවට බෙලරුසියා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සීමාවන් සහිතව ඔලිම්පික් දොරටු විවර වෙයි

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):

“තනි පුද්ගල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ආණ්ඩුවල ක්‍රියාවන්ට දඬුවම් කළ නොහැක’ යන ස්ථාවරයේ රැදෙමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමුටු සභාපති තෝමස් බැචි ජීනිවා හී දී සනාත කළේ රුසියාවේ සහ බෙලරුසියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2024 පැරිස් ක්‍රීඩා උළෙලේදී මධ්‍යස්ථ ලෙස තරඟ කිරීමට ඉඩ දීමේ තීරණය ආරක්ෂා කරන බවය.


කිසිඳු රටක් දේශපාලනමය වශයෙන් ගනු ලබන තීරණයකට එරටේ එම දේශපාලනයට සම්බන්ධ නැති මානවයන් පීඩාවට ලක් නොකළ යුතු බව ප්‍රධාන කර ගනිමින් ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව මෙන්ම ඊට සම්බන්ධ වෙනත් ක්‍රීඩා සංගම් ද මේ වන විටත් එවැනි පුරවැසියන් සඳහා ලොව පුරා ඉඩ සළසමින් සරණාගත ක්‍රීඩා කණ්ඩායම් සවිමත් කරමින් සිටියි.රට රටවල පවතින ම්ලේච්ඡ දේශපාලනයට එහා ගිය මානවීය ගුණයෙන් යුත් දේශපාලනයක අවශ්‍යයතාවය පරමාදර්ශි විදිහට ආරක්ෂා කිරීමේ උවමනාවෙන් පෙනී සිටින ලෝක ක්‍රීඩා සංගම් බහුතරයකට නායකත්වය දෙන ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව ගනු ලබන තීරණයට වෙනස් ස්ථාවරයක රැදෙමින් යුක්රේන ජනාධිපතිවරයා තරගාවලිය වර්ජනය කිරීමේ ඉඩක් මවා පෙන්වමින් පවසන්නේ රැසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මධ්‍යස්ථ භාවය මවා පෑමක් බවය.
වර්ජනයට ඇති ඉඩ ගැන ද මෙහිදි බැච් සිය අදහස් දැක්වීමේදී කරුණු පෙන්වා දෙමින් එහි ඇති තර්ජනයක් වීමේ ඉඩ බැහැර කළේය.ඔහු පැවසුවේ එකඟ නොවන රටවලට “විවිධ දේශපාලන මත දැරීමට ඉඩ දී ඇති” බවය.


මේ අතර රුසියානු සහ බෙලරුසියානු මධ්‍යස්ත සහභාගීත්වය පැරිස් 2024 ප්‍රධානී ටෝනි එස්ටන්ගුවෙට් ද අනුමත කරමින් පැවසුවේ “සංවිධායක කමිටුව ලෙස අපි මෙම තීරණය සාදරයෙන් පිළිගනිමු. යනුවෙන් ය.
ඔහුගේ අදහසට අනුව කොඩි නැති, ගීත නැති, නිලධාරීන් නැති,ඉතා කුඩා වනු ඇති මෙම නියෝජිතයන් පිරිස පැරිස් 2024 ට ඉතා සාදරයෙන් පිළිගැනීමට ඔවුන් සූදානමින් සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...