යුක්රේනයට තවත් දරුණු ප්‍රහාර කිහිපයක්ම එල්ල කිරීමට රුසියාවට අවිබලය ඇති බව සෙලෙන්ස්කි කියයි!

රුසියාවේ මිසයිල අදහන්නන් සැරසෙන්නේ කුමකට වූව ද, මෙම යුද්ධයේ බලයේ තුලනය වෙනස් නොවනු ඇත.. සෙලෙන්ස්කි කියයි!

ඊයේ (16) දින උදෑසන රුසියාව විසින් යුක්රේනයේ විදුලිබල උත්පාදන පද්ධතියට එල්ල කළ ප්‍රහාරය මෙන්ම යුක්රේනයට තවත් දරුණු ප්‍රහාර කිහිපයක්ම එල්ල කිරීමට රුසියාවට අවි බලය ඇති බව යුක්රේන ජනපතිවරයා පවසයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි පවසා සිටියේ ඊයේ දින උදෑසන එල්ල කළ ප්‍රහාරය මෙන් තවත් දරුණු ප්‍රහාර කිහිපයක්ම එල්ල කිරීමට මිසයිල මොස්කව් සතු බවයි.

එමෙන්ම, රුසියාවේ මිසයිල අදහන්නන් සැරසෙන්නේ කුමකට වූව ද, මෙම යුධමය තත්ත්වයේ බලයේ තුලනය වෙනස් නොවනු ඇති බව ද හෙතෙම සිය වීඩියෝ පණිවිඩය ඔස්සේ දන්වා සිටියේය.

යුක්රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රදේශයේ මේරියින්කා අසළ යුක්රේන හමුදාවේ ප්‍රධාන සැපයුම් මාර්ගයේ පාලනය තමා අතට ගත් බවට ඉකුත් දින රුසියානු හමුදාව ප්‍රකාශ කර තිබිණි.

යුක්රේන හමුදාව ප්‍රකාශ කර සිටියේ, රුසියානු හමුදාවන්ට කර්සන් හි ගංගාවට ප්‍රතිවිරුද්ධ කලාපයේ පිහාට ඇති මයිඛයිලිව්කා නගරයෙන් පසුබැසීමට සිදුව ඇති බවයි.

මේ අතර, යුක්රේනයේ සිටින රුසියානු හමුදාවට සැපයුම් සිදුකරන ප්‍රධාන පාලමක් අසළ ඉදිරි ආරක්ෂක වළල්ලට දරුණු ප්‍රහාරයක් සිදුව ඇති බව ද වාර්තා වේ.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...