පාසල් සිසුන් දෙදෙනකු කළ මහා අපචාරය හෙළි වෙයි! පෙම්වතියන් රවටා නිරුවත් දර්ශන වීඩියෝගත කර අන්තර්ජාලයට මුදාහැරලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහනුවර ප්‍රදේශයේ පාසල් සිසුන් දෙදෙනකු විසින් සලසුම් සහගත ලෙස කළ අපචාරයක් පිළිබඳ හෙලි වී ඇත.

ඒ පාසල් සිසුවියන් ද ඇතුළුව තරුණියන් ගණනාවක් සමඟ ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යමින් ඔවුන් මහනුවර දෙවන රාජසිංහ මාවතේ පිහිටි එකම හිමිකරුට අයත් ලැගුම්හල් දෙකක් වෙත රැගෙන ගොස් දූෂණය කර නිරුවත් දර්ශන වීඩියෝගත කර අන්තර්ජාලයට මුදාහැරි බව කියන සිද්ධියකි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වූ මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අවුරුදු 18 හා 19 වයසේ පසුවන පාසල් සිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කළ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

තම පෙම්වතා බීම වර්ගයක් සමඟ මත්ද්‍රව්‍යයක් මිශ්‍ර කර තමාට ලබාදුන් බවත් ඉන්පසු සිදු වූ කිසිවක් මතක නැති බවත් පාසල් සිසුවිය පොලිසියට පවසා ඇත.

සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන සිසුන් දෙදෙනා අතුරින් එක් අයකු සමඟ පැමිණිල්ල කළ සිසුවිය මුලින් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත. සිසුවියගේ නිවෙසේදී අවස්ථා කිහිපයකදී ඔහු ඇයව දූෂණයට ලක්කර තිබේ. පසුව ඔහු ප්‍රේම සම්බන්ධය අතහැර තිබෙන අතර වෙනත් සිසුවකු දිගින් දිගටම ඇගේ දුරකතනයට කෙටි පණිවිඩ මඟින් ප්‍රේමය ප්‍රකාශ කර ඇත. ඒ බව පෙම්වතාට දැනුම් දුන් අවස්ථාවේ තමන් අලුතින් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බැවින් කැමැති දෙයක් කරන ලෙස ඔහු සිසුවියට පවසා තිබේ. කෙටි කලකදී සිසුවිය කෙටි පණිවිඩ එවූ සිසුවා සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර ඇත. ඔහු ඇයව දෙවන රාජසිංහ මාවතේ පිහිටි ලැගුම්හල වෙත රැගෙන ගොස් බීමට යමක් දී ඇගේ නිරුවත් දර්ශන රැසක් රූගත කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් හෙළිව තිබේ.

එම දර්ශන සිසුවියගේ දුරකතනයට යොමු කරමින් නිතර ඇයව අදාළ අවන්හල වෙත රැගෙන යමින් දූෂණයට ලක්කර තිබෙන අතර ඇගේ පළමු පෙම්වතා ද ඊට සම්බන්ධ වෙමින් සිසුවියගේ නිරුවත් දර්ශන මිතුරන්ගේ ජංගම දුරකතනවලට මෙන්ම අන්තර්ජාලයට ද යොමු කර තිබේ.

සැකපිට අත්අඩංගුවට ගත් එක් සිසුවකුගේ ජංගම දුරකතනයේ තිබී පාසල් සිසුවියන් ද ඇතුළුව තරුණියන් රැසකගේ නිරුවත් වීඩියෝ දර්ශන සොයාගෙන ඇති බව සඳහන් වේ.

මහනුවර දෙවන රාජසිංහ මාවතේ පිහිටි ලැගුම්හල් දෙකකට මෙම සිසුවිය රැගෙන ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු එහි හිමිකරු හා කළමනාකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 වැනි දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සිද්ධිය හෙළි වීමෙන් පසු අදාළ සිසුවිය පාසලෙන් අස්කර ගැනීමට මව පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේවින්දි වික්‍රමසිංහ මහත්මිය පරීක්ෂණ පවත්වන බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තායිවානය ආරක්ෂක වියදම් සඳහා ඩො. බිලියන 40ක් වෙන් කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයට මුහුණ දීම...

අපොස උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් කිරීමට නව වැඩපිළිවෙලක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : මෙවර, අපොස උසස්...

ගල්ඔය සුළු ගංවතුර තත්ත්වයක් – මඩකලපුවට ගංවතුර අවදානමක්!

කොළඹ LNW:ගල්ඔය ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශයේ මේ වනවිට සුළු...

Sri Lanka Economic Summit 2025 දෙසැම්බර් 2 සහ 3 යන දිනවලදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW : දෙසැම්බර් 2 සහ...