රනිල්ට 2036 වෙනතුරු රට පාලනය කරන්න දිය යුතුයි. නැත්නම් ජාතියක් හැටියට අපි ඉවරයි – වජිර (VIDEO)

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 2024 සිට තවත් වසර 12ක් රට පාලනය කිරීමට ඉඩ දුනහොත් ශ්‍රී ලංකාව ආසියාවේ බලවත් රටක් වනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“ජාතිය කුඩේ කුඩුවෙලා වැනසිච්ච ජාතියක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතික නායකයා හැටියට ඉදිරියට ගෙනියන්න උත්සාහ කරන්නෙ. එනිසා අපි බැණුම් අහගෙන ඒ ක්‍රියාවලිය කළේ අපට අවබෝධයක් තිබුනා එය කළ හැක්කේ රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයාටයි කියලා. එතුමා ඡන්ද 70ක් විතර කරලා තිබෙන නායකයෙක්. අතුරු මැතිවරණ වෙන්න පුළුවන්, ජාතික මැතිවරණ වෙන්න පුළුවන්, පළාත්සභා මැතිවරණ වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මැතිවරණ වෙන්න පුළුවන්, ජනාධිපතිවරණ වෙන්න පුළුවන්. ලෝකයේ නායකයෙක් නෑ ඡන්ද 70ක් කරලා අත්දැකීම් තිබෙන. අපට නොයෙක් අවස්ථාවල අපහාස කරලා ඇති, කමක් නෑ, සත්‍යය ප්‍රකාශ කිරීම අපේ යුතුකමක්. ශ්‍රී ලාංකික ජාතිය 2024 ලබනකොට කිසිම සැකයක් තියාගන්න එපා, එතුමාට මේ රට ඉදිරියට වසර 12ක් ගෙනියන්න ඉඩ දුන්නොත් ආසියාවේ බලවත් රටක් හැටියට ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ පෙනී සිටියි. එසේ නොකළොත් මං හිතනවා ජාතියක් හැටියට අපි ගොඩාක් නරක තැනකට පත්වෙයි.”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...