*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

සෞඛ්‍ය ලේකම්වරයා පමණක් නොව සමස්තථ සෞඛ්‍ය ක්‍රියාවලියම සිරගත වුණා – කුමුදේශ්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ දවසේදී සිරගත වෙන්නේ සෞඛ්‍ය ලේකම්වරයා පමණක් නොව, සමස්තථ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියම සිරගත වූ බවත් , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන හොරකමේ කථාව තවම සම්පූර්ණ නොමැති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඔහු ඒ පිලිබඳ වැඩිදුර අදහස් දැක්වූයේ මෙසේය,

ඊයේ දවසේදී හිටපු සෞඛ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට පත් වෙනවා. මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරනවා හිටපු සෞඛ්‍ය ලේකම්වරයාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන පිළිබඳ අතිරේක ලේකම් වරයාගේ කාර්යාලය සීල් තැබීමටත්, එහි ලිපිගොණු පරීක්ෂා කිරිමට අධිකරණය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෙත සෝදිසි වරෙන්තුවක් නිකුත් කරණු ලැබුවා.

ඊයේ දවසේදී හිර ගත වෙන්නේ සෞඛ්‍ය ලේකම්වරයා විතරක් නෙවේ, මුළු සෞඛ්‍ය අමාත්‍යාංශයම ඊයේ හිරගත වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියම ඊයේ සිරගත වෙනවා.

මේක තනි පුද්ගලයෙක් කරපු හොරකමක් නෙවේ. හිටපු සෞඛ්‍ය ලේකම්වරයා මේ ඉරණමට ලක්වෙන්නේ හොරකම හොඳට කරගෙන යන්න අසමත් වෙච්ච නිසා මිස, පරිපාළන දුර්වලතාවයක් නිසා නෙවේ. ඒ නිසාම මේකට උත්තරය, තාක්ෂණික හොරකම හොයාගන්න බැරිවෙන විදිහට කරගෙන යන්න පුළුවන්, සායනික විශේෂඥයෙක් සෞඛ්‍ය ලේකම් පුටුවේ ඉන්නදවන එක නෙවේ.

සෞඛ්‍ය ලේකම්වරයාගේ පත්වීමේ ලිපියේ තියෙනවා එයා ඇමැතිවරයාගේ නියෝග සහ උපදෙස් පරිදි තමයි වැඩ කරන්න ඕන කියලා. ඒ වගේම, නඩුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළි යළ ත් අවධාරණය කරනවා මේ නඩුව සම්පූර්ණයෙන්ම ලිඛිත සාක්ෂි පදනම් තීරණ ගන්න තරමට ශක්තිමත් කියලා.
නමුත් අපිට විශාල බයක් තියනවා මෙතනින් එහාට සිදුවන ක්‍රියාවලියේදී මේ ‘හොරකමේ කථාව’ විකෘත්ති වෙයි කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරපු යාන්ත්‍රණයට අදාලව ලේකම්වරයාගෙන් පහළට සියලුම නියෝග සඳහා ලිඛිත ක්‍රමවේදයක් තිබුණත්, ඇමතිවරයාගෙන් ලේකම්වරයාට නියෝග එන විධිමත් ලිඛිත ක්‍රමවේදයක් නෑ. එහෙම තිබුණත් ලේකම්වරයා බලපෑම්වලට යටත්ව වැඩ කරපු කෙනෙක් නිසා, ඒ බලපෑම් වලට අදාලව ලිඛිත සාක්ෂි කවදාවත්ම හොයා ගන්න ලැබෙන එකක් නෑ.

සිරගත වුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩ කලේ සම්පූර්ණයෙන්ම ඇමතිවරයාගේ අණසකට යටත්ව නිසා එහෙම සටහනක් සොයාගන්න බැරිවීම නිසා, මේ හොරකමේ එක කොටසක් මගහැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ තත්වය ඒක වෙනස් කරන්න නම් සෞඛ්‍ය ලේකම්වරයාට මේ වෙලාවේ සෞඛ්‍ය සේවාවේ අනාගතය වෙනුවෙන් පැවරෙන අවසාන යුතුකමක් තිබෙනවා.

අපි ඔහුගෙන් ඉල්ලනවා, මේ කථාවේ නිවැරදි එකම අපිට තේරුම් කරලා දෙන්න. මේ හොරකමට අදාළව ලිඛිත නොවන බලපෑම් ආපු විදිය, ඒවා කරපු අය පිළිබඳව හෙළිදරව් කරන්න කියලා අපි රක්ෂිත බන්ධනාගාරයේ ඉන්න හිටපු ලේකම් තුමාගෙන් ඉල්ලනවා” ලෙස හෙතෙම පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan