සටහන – රුවන් නෙළුගොල්ල
ඉතාම සරලව වැඩ කරන බව පවසමින් බලයට පැමිණි අලුත් ආණ්ඩුවේ තෙල් සංස්ථා සභාපතිවරයා ජනතාවගේ ඉන්ධන මිල අඩු නොකර විශාල වැටුපක්, අධි සුඛෝපභෝගී වාහනයක් ඇතුළු වරප්‍රසාද ලබමින් සැප විඳිමින් සිටින බවට සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා චෝදනා කරයි.
“ඉන්ධන මිල අඩු නොකර මොවුන් සැප විඳීමයි අපි මේ හෙළිකරන්නේ. ඔහු ගන්නවා 625,000 ක්. ඉන්න ස්ථිර සේවකයෙක්. මේ තියෙන්නෙ වැටුප් සංශෝධනය. 235595යි ආරම්භක වැටුප. මේකට එයාට එකතු වෙනවා එයා මැනේජර් කෙනෙක් නිසා 47115ක් කළමනාකාර දීමනාව. ඊළඟට ඔහුට දෙනවා ජීවන අංක දීමනාව 5250ක්. ඊළඟට දෙනවා නිවාස කුලිය 35340ක්. මේ සියලු දේ දෙන්නෙ පර්යන්ත කළමනාකරුට. ඔහු මුතුරාජවෙල පර්යන්ත කළමනාකරු. ඔහු පර්යන්ත කළමනාකරු වශයෙන් ලබාගත යුතු දේ ඔක්කොම එක්ක ගත්තත් 323000 තමයි. අධ්යක්ෂ මණ්ඩල පත්රිකාවෙ 625,000 කරගෙන, ඔහුගේ වව්චරය 625,000 යි. මේකෙන් අඩු කරනවා 94000ක්, එයාගෙ ණය. උපයනවිට බදු අඩු කරනවා. 625,000 ක් ගන්නවා කියන්නෙ දෙගුණයක් නෙවෙයිද ? එයාට තියෙන නිවාස දීමනා ඉවත් වෙන්න ඕනෙ. ඔහුට තියෙන කළමනාකාර දීමනා 47000 ඉවත් වෙන්න ඕනෙ. එතනම 80000ක් ඉවත් වෙන්න ඕනෙ. එතකොට ඕනෙ නම් 250,000ක් වෙයි. එහෙම එක්කෙනා 625000ක් ගන්නවා. මේ වැටුප. තර්කයක් තියෙනවා නම් එන්න විවාදයට.
ඊළඟ දේ දීමනා. ඔහු වර්තමාන ආණ්ඩුවෙන් සභාපති වනතුරු ඔහුට, ඔහුගේ බිරිඳට සහ ඔහුගේ අවිවාහක දරුවන්ට දුන්නෙ වෛද්‍ය දීමනා. අද ඔහුට අසීමාන්තිකව වෛද්‍ය දීමනා දීලා තියෙනවා. මේ ඔහු ගන්න විශේෂ වරප්‍රසාද නෙවෙයිද ? වාහනවලට එයාට දුන්නෙ ඉන්ධන ලීටර් 140 යි කළමනාකරුවකු වශයෙන්. මම දැනුවත්ව ඔහු පාවිච්චි කළේ ඔහුගේ වාහනය, ඒකට රුපියල් 40000ක් දෙනවා, ඒකත් ගත්තා. හැබැයි ඔහු වාහනෙන් ඇවිත් 140 අරන් ඛනිජ තෙල් සමාගමේ වාහනවල යන්නෙ. දැන් එයා පාවිච්චි කරන වාහනය මොකක්ද ? CAB 2355 බෙන්ස් රථය. සරලව යනවා කිව්වෙ. එයාට පොඩි කාර් එකක් තිබුණා, ඒක පාවිච්චි කරන්න එපා කිව්වාද ? අර තෙල් ලීටර් 140 අරන් ඒක පාවිච්චි කරන්නකො. මේගොල්ලො පත්වෙලා ආපු ගමන් වාහන තියෙන පූල් එකට ගිහිල්ලා සිංහනාද දැම්මා මේ සුඛෝපභෝගී වාහන අයිති නෑ, මේවා ජනතාවගේ තෙල් ගහන්නෙ, මේවා අපි විකුණනවා කියලා. දැන් සහෝදර සභාපතිතුමනි, මේ වාහන පහට කුමක් සිදුවී ඇද්ද ? හෙළිකරන්න, සීසීටීවී බලන්න, කොලොන්නාවෙන් පිටවෙනකොට ඔබතුමාත් ගිහිල්ලා තියෙනවාද බලන්න BMW එකක.
ඊළඟට කජු කෑම. සුපුරුදු කෑම. රාජගිරිය කජු සංස්ථාවේ බිල් අංක ඔක්කොම තියෙනවා. සභාපති සහෝදරය, මේකට මොකක්ද ඔබලා කරන්න ඕනෙ ? මේ බිල් අංක අරන් චෙක් කරන්න මේක සංස්ථාවෙ සල්ලිවලින් පෙටි කෑෂ්වලින්ද ගත්තෙ, ගෙනාවෙ මොනවද, ඒ කජු කෑවෙ කවුද ? මම නම් කෑවෙ නෑ කියලා කියන්නකෝ … එහෙම කියන්න පුළුවන්ද දන්නෙ නෑ. සංස්ථාවෙ කජු ගන්න බෑ වෙන කාටවත්. කජු ගෙනාවෙ අධ්‍යක්ෂවරුන්ට සභාපති ඇතුළුව. කජු කෑවා. CPSTL එකේ ඉන්න ලේකම්වරිය, ඔයාගෙ අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකා හදන්නෙ එයා. පෙටි කෑෂ්වලින් කජු ගේන්නෙත් එයා. අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක් තියෙනකොට ඔය අංශයට රජ මඟුල්”
ආනන්ද පාලිත මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තෙල් සංස්ථා සභාපතිවරයාගේ වැටුප සහ තවත් නිලධාරීන් පිරිසකගේ වරප්‍රසාද සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර ජාතික පුවත්පතක් මගින් ද අනාවරණයක් කර තිබුණු අතර ඊට ප්‍රතිචාර දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. ද එස්. රාජකරුණා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ එම පුවත්වල සාවද්‍ය සහ ජනතාව නොමග යවන කරුණු අඩංගු බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා අතර ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් ය.