ශ්‍රී ලංකා තරුණියන් ආපසු හැරී එනු ඇත

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 20 ,(LNW)කොළඹ :

අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස සූරතාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි අවසාන තරගය සඳහා සුදුසුකම් නොලබන බව තහවුරු කර ගනිමින් ඉන්දීය කණ්ඩායම ඉදිරියේ කඩුලු 4 න් පරාජය විය.ශ්‍රී ලංකාවේ පිතිකරණ තත්ත්වය මේ පරාජයට දැඩිව බල පෑ හේතුව වුවත්,එම ලකුණු ප්‍රමාණයට හෝ තරගයක් දීමේ හැකියාව අහිමි වීමට කණ්ඩායම තෝරා ගැනීමේදී මෙන්ම තෝරා ගත් කණ්ඩායමෙන් තරගය තුළ වැඩ ගැනීමේදී සිඳු කරන කාර්යයන් නිවැරදි නොවීම බලපෑවේය.
තරගාවලිය පුරාම හිරුණි හංසිකා ආරම්භක පිතිකාරිනිය ලෙස යොදා ගැනීම පල රහිත විය.ඇය දඟ පන්දු යැවීමෙන්ද කණ්ඩායමට දායකත්වය දෙන බව සැබෑ වුව ඇයගේ ආරම්භක පිතිකාරීණි වගකීම ප්‍රමුඛතම දේ නිසා ඇය තරගාවලිය පුරා ආරම්භක පිතිකාරිණිය විය.ගැටළුව ඇත්තේ ඇය එම ස්ථානයේ අසාර්ථක වෙද්දී ශ්‍රී ලංකාව වෙනත් ක්‍රීඩිකාවක් ගැන නොසිතීමය.


සුමුදු නිසංසලා දහ ලිමන්සා තිලකරත්න ද ආරම්භක පිතිකාරිණියන් ලෙස කටයුතු කර තිබෙන නිසා ඔවුන්ගෙන් එම අඩුව පුරවන්නට උත්සාහ කරන්නට තිබිණ.ආක්‍රමණය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිපත්තිය නොවිණ.ඉන්දියාව සමඟ තරගයේදි දැහැමි සෙනෙත්මා පන්දුවට පහර දීමට එවීමට පෙර මනුදි නානායක්කාර සහ රශ්මිකා සෙව්වන්දි පන්දුවට පහර දීම සඳහා යොදා ගන්නට තිබිණ.ඔවුන් දෙදෙනා මෑත කාලීන දත්තවලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණයේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවන් දෙදෙනාය.
ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි ශෂිනි ගිම්හානි වැඩිපුර සිටියේ පිටියෙන් පිටත පුටුවේය.ඉන්දියාව සමඟ තරගයට ඇය කැඳ වුව ද,පන්දු යැවීම සඳහා කැඳවීම පමා කළේය.ඇය යොදා ගත්තේ හයවන පන්දු යවන්නිය ලෙසය.ඇය පන්දු යැවීමට කැඳවූයේ ත්‍රීෂා (32) කමලිනී (26) හොඳින් පන්දුවට පහර දෙමින් සිටියදී ය.ඒ මොහොත කළමණාකරනය කර ගනිමින් ශෂිනි පන්දු ඕවර් 4 ලකුණු 18 ට නිමා කළේ කඩුලු 2 ක් දවා ගනිමින්ය.චමුදි ප්‍රබෝධා ලකුණු 16 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් විය.


ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නියන්ගේ දක්ෂතා ඉහළින් වාර්තා වුව ද,ඔවුන්ගෙන් සැබෑ දක්ෂයන් කිරා මැන ගන්නට වෙන්නේ බංගලාදේශය සහ ඉන්දියාව ඉදිරියේ පන්දු යැවීමේදී පෙන් වූ දක්ෂතාවලින්ය.කෙසේ නමුත් මේ තරගාවලියේ පරාජයට වගකිව යුත්තේ ශ්‍රී ලංකාවේ පිතිකරුවන් අඛණ්ඩව සිය වගකීම ඉටු නොකළ නිසාය යන්න හේතු සැළකීමේදී මුලට ගත යුතුය.මනුදි,රශ්මිකා (පන්දුවට පහර දෙන්නට ලැබෙන මොහොත සහ ස්ථානය අනුව),ලිමන්සා සහ සුමුදු නිසංසලා යම් ආකාරයක ප්‍රගතියක් පෙන් වුව ද,ඒවා අඛණ්ඩව කළමණාකරනය වූයේ නැත.


එහෙත් මේ තරගාවලියේ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් රැක ගත යුතු සම්පත් පැහැදිළිව හඳුනාගන්නට ලැබිණ.මෑත කාලය හා සසඳන විට හොඳම සොයා ගැනීම රශ්මිකා සෙව්වන්දිය.ඇය විශ්වසනීයත්වය තහවුරු කරමින් පිතිකරණ ලේඛණයේ ඉහළ අංකයක පිටියට කැඳවිය යුතුය.එය ගෙවුණු ක්‍රීඩා සමාජ තරගාවලියේ දී පවා සිඳු නොවුණු වරදකි.මනුදි,ලිමන්සා,ශෂිනි,චමුදි මෙන්ම සුමුදු නිසංසලා ද තව තවත් වයස ඉක්මවා ගිය තරගකාරී ක්‍රීඩා රටාවන් ඇතුළෙ අවස්ථාව දී රැක ගත යුතුය.


ලකුණු 98 ක් රැක ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගත් උත්සාහය පහළොස්වන පන්දු ඕවරයේ 5 වන පන්දුවේදී ව්‍යර්ථ කළ ඉන්දියාව සිය ලකුණු පූවරුව කඩුලු 6 ට 102 ක් බවට පත් කර ගන්නට සමත් විය.මේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කල් ඇතුව මැලේසියානු තණතීරුවලට හුරු වෙන්නට සැලස්විමෙන් ප්‍රයෝජන ගන්නට ක්‍රීඩිකාවෝ අසමත් වූහ.දැන් මේ සම්බන්ධයෙන් කරන පසු හැදැරීම සහ එහි තීරණ වැදගත්ය.කණ්ඩායමේ රැඳෙන්නටනම් ශාරිරික යෝග්‍යතාවය අතිශයින් වැදගත් බවත් ඒ වෙනුවෙන් ක්‍රීඩිකාවන් කැපවිය යුතු බවත් ඔවුන්ට පෙන්වා දිය යුතුය.එවැනි අඩු පාඩු සකසා ගැනීම ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනයට මෙන්ම ඔවුන්ගේ අනාගතයට සහ රටටත් වැදගත්ය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...