රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී තරුණ නිලධාරීන්ට වැඩි අවස්ථාවක් – ජනාධිපති ලේකම්

Date:

රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී තරුණ රාජ්‍ය නිලධාරීන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට සූදානම් බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.

එසේම රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශාල බලපෑමක් සිදුකළ හැකි බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ඒ සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදෙන ලෙස රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා කොල්ලුපිටිය සමුද්‍රා හෝටලයේදී පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2012 කණ්ඩායමේ වාර්ෂික සුහද හමුව අමතමිනි.

අභියෝග රැසක් මධ්‍යයේ වත්මන් ජනාධිපතිවරයා රටේ වගකීම භාරගත් බවත්, මේ වන විට ආර්ථිකය ක්‍රමානුකූලව ගොඩනඟමින් සංවර්ධිත රටක් බිහි කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2012 කණ්ඩායම සිදුකරන මෙහෙවර අගය කරන බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“Be the impact” යන තේමාව ඔස්සේ මෙවර පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2012 කණ්ඩායමේ වාර්ෂික සුහද හමුවට එහි සභාපති සුරංග රණසිංහ මහතා ඇතුළු දිවයින පුරා විසිරී සිටින 2012 කණ්ඩායමේ ඉහළ රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔසී තරුණියන්ට එරෙහිව පළාත් හයක සහ දිස්ත්‍රික් අටක නියෝජනයක් පෙළ ගැසෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 17, කොළඹ LNW: ඔස්ට්‍රේලියානු අවුරුදු 19 න් පහළ කාන්තා...

ශ්‍රී ලංකා වාහන වෙළඳපොළ මසකට සාපේක්ෂව 1.9% ක මධ්‍යස්ථ වැඩිවීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : 2025 අගෝස්තු මාසයේදී ,...

ගමට ක්‍රිකට් – රසට MeadowLea

සැප්තැම්බර් 30 වන දින ඇරඹෙන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්...

සරත් ප්‍රේමතිලකගේ කෘති දෙකක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW: සරත් ප්‍රේමතිලක මහතා විසින් රචිත කෘති ද්විත්වයක්...