*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/20

  1. 75 වන නිදහස් දිනය නිමිතිකොට ගෙන ශ්‍රී දළදා කරඬුව ප්‍රදර්ශනය කරන අවස්ථාවක් පවත්වන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු – අස්ගිරි මහනායකවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
  2. මෙම වසරේ තුන්වන කාර්තුව තුළ ඉදිකිරීම් අංශයේ ක්‍රියාකාරකම් සියයට 33.2 කින් කඩා වැටෙයි – පෞද්ගලික සහ රජයේ සංවර්ධන ව්‍යාපෘති ඇණ හිටීමට ආසන්නයි – ණය පැහැර හැරීමෙන් පසු විදේශ විනිමය අරමුදල් මත යැපුන සෑම ව්‍යාපෘතියක්ම පාහේ නතර වී ඇත – පොලී අනුපාත, විනිමය අනුපාත සහ උද්ධමනය ඉහළ යාමෙන් පසු, දේශීය අරමුදල් මත ක්‍රියාත්මක වූ සෑම ව්‍යාපෘතියක්ම පාහේ නතර වී ඇත.
  3. නත්තලේ අරුත උත්සව සමයෙන් ඔබ්බට පවත්වා ගනිමින් සෑමදෙනෙකුටම දයාවෙන් සලකන මෙන් කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු වින්ස්ටන් ප්‍රනාන්දු සියලු කිතුණු භක්තිකයන්ගෙන් ඉල්ලා සිටිති – පීඩාවෙන් පසුවන පුද්ගලයන් සොයා ඔවුනට සහන ලබා දෙන මෙන් ද ඉල්ලා සිටිති.
  4. මෙරට ජනවාර්ගික අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලබා මෙන්, ජනාධිපතිගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක එරික් සෝල්හයිම් (මීට ඉහත ශ්‍රී ලංකා රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර සාම සාකච්ඡා මෙහෙයවන්නා බවට කටයුතු කළ තැනැත්තා) ගෙන් කඳුකර දමිළ පක්ෂ ඉල්ලා සිටියි.
  5. ශ්‍රී ලංකාව දිශාවකින් තොරව ගමන් කරමින් සිටින බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති සමඟි ජන බලවේගයේ පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි – 2008 න් පසු මහ බැංකුව විසින් එළඹෙන වර්ෂය සඳහා මාර්ග සිතියමක් ඉදිරිපත් කර නැති පළමු අවස්ථාව මෙය බව ද පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය 2023 ජනවාරිවල ලැබෙනු ඇති බවට රජය නියෝජනය කරන එක් පාර්ශවයකුත්, එය 2023 ජූනි වල ලැබෙනු ඇති බවට තවත් පාර්ශවයකුත් පැවසීම පිළිබඳ සිය අවධානය යොමුකරයි – මහ බැංකුව වර්තමානයේ අනුගමනය කරන බොහෝ යෝජනා හර්ෂ ද සිල්වා විසින් මීට ඉහත හඳුන්වා දුන් ඒවා බව විශ්ලේෂකයන්ගේ මතයයි.
  6. තමා එංගලන්තයේ සාමාන්‍ය පෙළ විභාගයට පාඩම් කරන සමයේ පන්තියේ අන්තිමයා වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
  7. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කළ පරිදි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් විසින් මූල්‍ය අපරාධ විමර්ශනය කළ හැකි ද යන්න සමඟි ජන බලවේගයේ පා.ම. එරාන් වික්‍රමරත්න ප්‍රශ්න කර සිටියි – රජය ඒ වෙනුවට මූල්‍ය අපරාධවලට අදාළව විමර්ශන දියත්කොට, ඊට අදාළව සාක්ෂි රැස්කොට, එම සාක්ෂි කෝප් කමිටුව වැනි කමිටුහරහා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කරයි.
  8. බංකර සංකීරණයක් ඉදිකිරීම සඳහා කොළඹ වරාය නගරයේ කොටස් 04 ක් ආයෝජකයකුට විකිණීමට කටයුතු කරන බවට වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි – ගුවන් ඉන්ධන ගබඩාවක් ස්ථාපිත කිරීම සඳහා බැඳියා ප්‍රකාශ (expressions of interest) යොමුකරන මෙන් නිවේදනය කරන බව ද පවසයි – මෙහි පළමු වසර 05 මෙහෙයුම්වලින් පමණක් සෘජු විදේශ ආයෝජන ලෙස ඇ.ඩො. බිලියන 05 ක් ගෙන්වා ගැනීමට කොළඹ වරාය නගරයට හැකි බව ද පවසයි.
  9. ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධ නව නීති හඳුන්වා දීමේ රජයේ ප්‍රයද්නයට සමඟාමීව ජාත්‍යන්තර සහාය ද ඇතිව සිරකරුවන් නූතන කෘෂිකාර්මික කටයුතු සඳහා පුහුුණු කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ – මේ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO ) සහාය ලබා ගැනීමට නියමිතයි.
  10. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසළ ‘අරගල භූමිය’ උත්සව කලාපයක් බවට පත් කිරීමට සංචාරක අධිකාරිය කටයුතු කළ බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan