කොළඹ වරාය නගරය වැඩිදියුණු කිරීමට චයිනා හාබර් සහ අජ්ලන් අත්වැල් බැඳගනී!

Date:

කොළඹ වරාය නගරයේ වැඩිදියුණු කිරීම් සඳහා කොළඹ වරාය නගරයේ ක්‍රමෝපායික හවුල්කරුවකු ලෙස සවුදි අරාබියේ අජ්ලන් ඇන්ඩ් බ්‍රදර්ස් සමූහය (Ajlan and Brothers Holdings) සහ එරට රියාද් නගරයේ පිහිටා ඇති චයිනා හාබර් ඉංජිනේරු සමාගම (CHEC) ගිවිසුමකට එළඹ ඇති බව වාර්තා වේ.

අජ්ලන් සමූහය සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගම එක්ව දියත් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. බිලියන 1.3 කට අධික මුදලක් ආයෝජනය කර ඇති බවයි වාර්තා වෙන්නේ. වරාය නගරයේ වැඩිදියුණු කිරීම්වලට අමතරව, තවත් වැදගත් සංවර්ධන කටයුතු කිහිපයක් සඳහා ම මෙම ආයෝජනය සිදු කිරීමට නියමිත බව සඳහන්.

ඊයේ (19) දින නිවේදනය කළ පරිදි, මෙම වැඩපිළිවෙලට පහත දැක්වෙන ව්‍යාපෘතීන් අයත් වේ;

  1. කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (Colombo International Financial Centre: CIFC) සංවර්ධනයේ පළමු අදියර
  2. මැරිනා වෝටර්ෆ්‍රන්ට් කොමර්ෂල් සහ මැරිනා හෝටලය ස්ථාපිත කිරීම
  3. අධි සුඛෝපභෝගී විලා ස්ථාපිත කිරීම සහ
  4. ගොල්ෆ් ක්‍රීඩා සංවර්ධනය

මෙම ව්‍යාපෘතීන් එළඹෙන වසරවල ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එමඟින් වරාය නඟයේ විශේෂ ආර්ථික කලාපය සමඟ බොහෝ අපේක්ෂිත සංවර්ධන සහ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

මැද පෙරදිග කලාපයේ දැවැන්තම ව්‍යාපාර සමූහයක් වන අජ්ලන් ඉකුත් වසර 25 කට අධික කාලය තුළ රටවල් රැසක විදුලිය, පරිසර, කර්මාන්ත නිශ්පාදන කටයුතු, සෞඛ්‍යය, සංචාරක කර්මාන්තය, තාක්ෂණය, තොග වෙළඳපොල, දේපළ වෙළඳාම්, ඇඟළුම් කර්මාන්තය, පතල් කර්මාන්තය, ජල පවාහනය, ක්ෂණික අලෙවි පාරිභෝගික භාණ්ඩ වෙළඳාම (FMCG), සැපයුම්, මූල්‍ය, මූල්‍ය-තාක්ෂණය, විනෝදාශ්වාද සහ ක්‍රීඩා ආදී ක්ෂේත්‍ර රැසක කටයුතු කර තිබේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...