රජ තුන්කට්ටුව නැවතත් මහගෙදරට. 43 වැනි බලකාය අද සිට 40 වැනි බලකාය වෙයි ?

චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුත් 43 වැනි සේනාංකයෙහි ප්‍රබලතම අණදෙන නිලධාරීන් තිදෙනෙකු වූ ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න සහ රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් අද (20) දිනයේදී නැවතත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට නියමිත බව වාර්තා වේ.

ඔවුන් තිදෙනා අද එජාප මූලස්ථානය වන සිරිකොතට පැමිණෙන බවයි එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව කවුරුන් මොනවා කීවත් අවසානයෙහි මේ රටේ විප්ලවය කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ශිරාල්, මෛත්‍රී, රජිත් තුන් කට්ටුව විසින් පිළිගෙන ඇති බවක් පෙනේ.

එසේම මේ තිදෙනාගේ අහිමි වීම හේතුවෙන් අද සිට 43 වැනි සේනාංකය 40 වැනි සේනාංකය බවට පත්වෙනවා විය යුතුය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...