රනිල්ගේ නායකත්වය නැත්නම් රට ප්‍රපාතයේ. ජනාධිපතිවරණයේදී මම අනිවාර්යයෙන්ම රනිල්ට – ෂෙහාන් (VIDEO)

Date:

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් අනිවාර්යයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

“මේ ගෙනයන වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ජනාධිපතිතුමාගේ නායකත්වය මේ රටට අවශ්‍යයයි. ඒකට හේතුව හැටියට මම දකින්නෙ, එකක් තමයි දැනට අපි ස්ථාවරත්වයක් පෙන්නුවාට වගකීම් විරහිතව ජනප්‍රිය මාතෘකා ඔස්සේ ගිහිල්ලා අර වේදිකාවල කතා කරන දේවල් කතා කරකර හිටියොත් මේ රට ප්‍රපාතයකට පැමිණීම කාටවත් නවත්වන්න බෑ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ මීළඟ මැතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත පැමිණිය යුතුයි ?

“මීළඟ මැතිවරණයකදී ජනාධිපතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්විය යුතුයි. මොකද අපි තවම මේ අවදානම් සහගත සංකීර්ණ ක්‍රියාවලියෙන් එළියට ගිහිල්ලා නෑ. මේ යන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න කාටවත් ඉඩදෙන්න බෑ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබ ඇතුළු කණ්ඩායම ජනාධිපතිවරණයකදී රනිල් ළඟ හිටගන්නවා අනිවාර්යයෙන්ම ?

“අනිවාර්යයෙන්ම හිටගන්නවා”

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...