ජනාධිපති බිල් ක්ලින්ටන්, ට්‍රම්ප්, ඇන්ඩෲ සහ මයිකල් ජැක්සන්ගේ ඡායාරූප ඇතුළුව එප්ස්ටයින් ලිපිගොනු දහස් ගණනක් නිකුත් කෙරේ,

Date:

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපද අධිකරණය විසින් අපකීර්තියට පත් කුප්‍රකට ලිංගික අපරාධකරුවෙකු හා මූල්‍ය වංචාකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටයින් හා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ විස්තර කෙරෙන විශාල ලේඛන තොගයක් නිකුත් කර තිබේ.

පසුගිය කාලය පුරාම එප්ස්ටයින් හා සම්බන්ධ ලිපිගොනු නිදහස් කරන ලෙස රටතුල විශාල ජනමතයක් හා ට්‍රම්ප්ගේ පරිපාලනයට එරෙහිව විරෝධත්වයක් නිර්මාණය වී තිබු අතර දේශපාලනය, ව්‍යාපාර සහ විනෝදාස්වාදය යන ක්ෂේත්‍රවල ප්‍රභූන් සමඟ ජෙෆ්රි එප්ස්ටයින්ගේ සම්බන්ධතා පිළිබඳ විස්තර හෙළි කරන ලෙස ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටින ලදී.

නිකුත් කරන ලද ජයාරූප අතර මයිකල් ජැක්සන්, ක්‍රිස් ටකර් සහ ඩයනා රොස් වැනි විනෝදාස්වාදකයින් සහ ව්‍යවසායක රිචඩ් බ්‍රැන්සන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිල් ක්ලින්ටන් මෙන්ම හිටපු බ්‍රිතාන්‍ය රාජකීය ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් ද පෙනී සිටින බව කියවේ.

විචාරකයන් සඳහන් කරන පරිදි එප්ස්ටයින් හා පැවති සමීප සම්බන්ධත්වය පසුගිය වසරේ නැවත තේරී පත්වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් අත්විඳි විශාලතම දේශපාලන පසුබෑමක් වන අතර බාලවයස්කාර දරුවන් ලිංගික ජාවාරම් කිරීමේ ෆෙඩරල් චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටියදී එප්ස්ටයින් 2019 දී සිරගෙදරදී මිය ගියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...