*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ගෝලීය ශ්‍රම වෙළඳපොලට ශ්‍රමිකයන් සැපයීම තුලින් විනිමය අර්බූදයට විසඳුම් සොයාගැනීම සහ “බුද්ධි ගලනය” මිත්‍යාව

අද රට මුහුනපා ඇති මහා විනිමය හිගය පියවාගත හැක්කේ අපනයන ආර්ථික ප්‍රවේශයක් හරහා පමණි. නමුත් අපනයනය කිරීමට ප්‍රසස්ත ආර්ථිකමයවූ කිසිවක් රට තුල නොපවතී. ඒ වෙනුවට විනිමය වැයකොට ආනයනය කරන දෑ බුක්ති විඳීමට සැදීපැහැදී සිටින විශාල ප්‍රජාවක් රට තුල සිටී.

අපනයනය සඳහා පළදායී කිසිවක් රට තුල නොපවතින සන්ධර්බය තුල ගෝළීය ශ්‍රම වෙළඳපොලට අවශ්‍ය ශ්‍රම ප්‍රජාව ලෙස රටේ සුදුසුකම් ඇති මිනිසුන්ව ආයාත කිරීම අද රට හමුවේ ඇති විනිමය ඉපයීමේ එක් විකල්ප උපායමාර්ගයන් වන්නේය. මේ සඳහා මුලින්ම මෙයට බාදාකාරීවන ජාතිකවාදී ආචීර්නකල්පික අදහස් මතවාදීමය ලෙස පරාජය කල යුතුව ඇත.

ශ්‍රමිකයන් රට යැවීමට බාදාකාරීවන එක් මිත්‍යා මතයක් නම් “බුද්ධි ගලනය” නැමති විකාර අදහසයි.
මන්ද, මෙහිදී රටින් පිටතට ගලනවා යැයි කියවෙන මේ ඊනියා බුද්ධිමතුන් යනු වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ්ඥ කුළකයට අයත් කිසිදු විනිමයක් නූපදවන නමුත් ඔවුන්ගේ යානවාහන ආහාරපාන සහ ඔවුන්ගේ ජීවන රටාවට අවශ්‍ය වෙනත් බෞතික දෑ වෙනුවෙන් මහා පරිමාණයෙන් විනිමය ගිලදමන ප්‍රජාවකි.
ලක්ෂ ගණනින් වැටුප් ලබන නමුත් ඇදවැටී ඇති රටෙන් වෘතීය පරප්‍රසාද මස් රාත්තලම ඉල්ලන රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන් අයත්වන්නේද මේ පරපුටු කුළකයටය.

මේ මොහොතේ රට තුල වාසය කරමින් රට ගොඩනංවන සේවයක නියැලිය හැක්කේ රට තුල ඇති අපනයන ආර්ථිකයට සම්බන්ද කර්මාන්ත තුල සේවයේ නියැලෙන වෘතිකයන්ට පමණි. නමුත් විනිමය අර්බූදය හේතුකොටගෙන සමස්ත කර්මාන්ත ක්ශේත්‍රයම හැකිලීයාම හේතුවෙන් අපනයන කර්මාන්තද මේ මොහොතේ හැකිලෙමින් පවතී.

පිටතින් අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වාගැනීමට රටතුල විනිමය නැති අර්බූදය තුල කර්මාන්ත ක්ශේත්‍රය පවත්වාගෙන යාමට ඇති නොහැකියාව මෙන්ම බංකොලොත් රාජ්‍යයක් තුලට පිටතින් ආයෝජන නොපැමිනීමේ අර්බූදය විසින්ද රට තුල ඇති අපනයන කර්මාන්ත මොහොතින් මොහොත අර්බූදයට යමින් පවතී. ඒ අනුව අප කැමති උනත් නැතත් විකුනාගත හැකි කිසිවක් රට තුල නොමැති අර්බූදයක සිරව ඇති ලංකා රාජ්‍යය සතුව ඇති ඇතැම් විට එකම විසඳුමද ගෝළීය ශ්‍රම වෙළඳපොලට ශ්‍රමිකයන් විකුනා දැමීම පමණි.

නමුත් මේ මොහොතේ ඒ සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් රාජ්‍ය මැදිහත්වීමක් නොමැති අර්බූදය තුල මිනිසුන් තනිතනිව (රාජ්‍යයේ සහයෝගයක් නොමැතිව) විදෙශ් ගතවීමට යෑම තුල අර්බූද ගනනාවක් නිර්මාණය වී ඇතිබවක් පෙනෙන්නට තිබේ.

විශේෂයෙන්ම වත්මන් අර්බූදයේ ගිලී ඇති මිනිසුන් සම්බන්දව ගත්කල ජීවිතයේ ඉතිරිව ඇති එකම විකල්පය කෙසේ හෝ රටින් පිටව යෑම යැයි සිතන විශාල පිරිසක් නිර්මාණය වීම තුල ඔවුන් මිනිස් ජාවාරම් කාර ඒජන්සි මාපියාවල ගොදුරු වීම නොවැලැක්විය හැකි තත්වයකි. එහිදී අවසානයේ විදේශ විනිමය ඉපැයීම කෙසේවෙතත් අතරමංවූ ඔවුන්ව නැවත රට තුලට ගෙන්වා ගැනීමට ඇතැම්විට රටතුල ඉතිරිව ඇති විනිමය පිච්චියද වැයවේ.

මෙහිදී මේ විදේශගතවන්නන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් නම් විදේශ ශ්‍රම වෙළඳපොලට අවශ්‍ය ශ්‍රමිකයන් සතුව තිබිය යුතු මූලික වෘතීමය හෝ බාෂාමය අවබෝධයක් වත් ඔවුන් සතුව නොතිබීමයි.
ඒ අනුව, රාජ්‍යය විසින් මේ මොහොතේ හෝ කල යුත්තේ රට ගොඩනගනවා යැයි කියන ඊනියා උගතුන් බිහිකරන පවත්නා අධ්‍යාපන ක්‍රමවේදය හැකි තාක් අත්හිටුවා විදේශ ශ්‍රම වෙළඳපොලට අවශ්‍ය ශ්‍රමිකයන් බිහිකරන කාර්‍යයට අදාලව (සාමාන්‍ය පෙල සිටම) ශිෂ්‍යයන් වහවහා සූදානම් කරවීමය.

රැකියා විරහිත උපාධිදාරීන් යැයි කියූ තිස් හතලිස්දාස් ගනන් නිශ්පල ශ්‍රමිකයන්ව හිටි අඩියේ රාජ්‍ය සේවයට බඳවා ගත් පරණ පොලිටිකල් ඇජෙන්ඩාවන් නූතන අර්බූදයට ඝෘජුවම බලපා ඇතිබව අප දැන්හෝ පිලිගත යුතුය. ලංකාවෙ රජයේ විශ්ව විද්‍යාලවලින් ලබාගන්නා උපාධිය අන් රටවල්වල උපාධිවලට වඩා ඉහල ප්‍රමිතියකින් යුතු බව කියවෙන තක්කඩි ස්වෞත්තම වාදයන්ගෙන්ද එසේම ජීවිතයේ ගොඩයෑමට ඇති එකම මාර්ගය උසස් පෙලින් සරසවිවලට රිංගාගෙන ඒ හරහා සුවපහසු රජයේ රැකියාවකට රිංගාගැනීම යැයි සිතන පරපුටු කුහක චින්තනයෙන්ද රට ගලවාගත යුතුය.

කොටින්ම පවත්නා අධ්‍යාපන පර්‍යාය හරහා ගොස් රාජ්‍ය සේවයට අනුයුක්ත වීම යනු රටට තවත් බරක්වූ පුරවැසියෙක් වීම පමණි. මේවනවිට රාජ්‍ය සේවය වූකලී එහි ඇති වෘතීය සමිති වලට අවශ්‍ය පරිදි නැටවෙන ජාතික ආර්ථිකය ඇතුලතින්ම කාදමන දැවැන්ත පිළිලයක් බවටම ඌනනයවී අවසන්ය. මේවනවිට රාජ්‍යය මුහුණ දී ඇති විනිමය අර්බූදය දෙපිටින් යන ඊළඟ අර්බූදය නම් ප්‍රතිවටිනාකම් ජනනය නොකරන රාජ්‍ය අංශයට වැටුප් ගෙවීමේ අර්බූදයයි.

එසේම ” අපි දිනුවම අපි විදෙස් ගත ශ්‍රමිකයන්ට ආරාධනා කරනවා මවු බිම දිනවන්ට ආපහු එන්ට කියලා” වැනි විදෙශ් ගත ශ්‍රමිකයන්ගේ දිරි බිඳින ගොං කතා කීමෙන් විපක්ෂයේ පක්ෂද දැන්හෝ වැලකී සිටිය යුතුය.
ලංකාව තුල පවතින තාක්ෂණික හා මුල්‍යමය ඉතිහාසගත අර්බූදයට අමතරව ලංකාව කුඩා දූපතක් වීම නිසා නිරායාසයෙන් මතුවෙන බූමියේ සීමිත බවේ ගැටළු නිසාද තනි නිශ්පාදන ආර්තිකයක් තුලින් රට ගොඩ දැමීම යනු තවත් රාවනා වර්ගයේ විහිළුවකි.

බලයේ සිටි පක්ෂ මෙන්ම ඊළගට රාජ්‍ය බලය අපේක්ෂාවෙන් ලාබෙට චන්ද ගරාගැනීමට බහුතර ගැලරියට දුන් මෙවන් රොමෑන්ටික් ආතල් තුලින් චන්ද සටන ලඟ නැමූ වල්බූරු විපක්ෂයන්ද මේ අර්බූදයට වගකිව යුතුය. විශේෂයෙන්ම තැපැල් චන්ද මල්ල දිහා බලාගෙන රාජ්‍ය සේවයේ වෘතීය සමිති ඉල්ලන මස් රාත්තලට උඩගෙඩි දුන් විපක්ෂවල අවස්තාවාදී ක්‍රියාකලාපයන්ද රට මෙතැනට ඇදවැටීමට ඝෘජුවම බල පෑවේය.

ඒ කෙසේවෙතත් අවසාන වශයෙන් පැවසිය හැක්කේ විනිමය අර්බූදය හටගෙන දැනටමත් සැලකිය යුතු කාලයක් ගතවී ඇතත් අවමවශයෙන් (විනිමය අර්බූදයට ඇති ප්‍රසස්ථම විසඳුමක් වූ) ගෝළීය ශ්‍රම වෙළඳපොලට ආයාතකල හැකි ශ්‍රම සම්පත යුගයට ගැලපෙන සේ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ ශ්‍රමිකයන් අවශ්‍ය රටවල් සමඟ ගිවිසුම් ඇතිකර ගැනීමට හෝ පූර්ව දර්ශනයක් රනිල් සතුව පවා නැති බවය.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan