යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2022 දෙසැම්බර් 31 වනදා සිට 2023 දෙසැම්බර් 31 වනදා දක්වා ක්රියාත්මක වන පරිදි හමුදාපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව සඳහන්.
විකුම් ලියනගේ මහතා හමුදාපති ධුරයට පත්වූයේ පසුගිය ජුනි 01 වනදා සිට ය.
RN