*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

මෙසී! මේකනම් ඕෆ් සයිඩ්

“ඒත් මේ ආදරය කල් ඉකුත් වන්නට නොදී රැක ගැනීමේ වගකීම ද මෙසි සතුය.එය ක්‍රියාකාරී වීමට වඩා ක්‍රියාකාරී නොවීම තුළ රැඳෙනු ඇත.උපරිමයට පැමිණ පසු එහි රැදී සිටිනු විනා තවත් ඉහළට නැඟෙන්නට යාමේදී විය හැක්කේ ඉම නිමා වූ මඟක ඉහළට අඩිය තියන්නට යාමේදී බමට කඩා වැටීම යන්න ඇත්තක්ය.
ඒ නිසා සෑම ආර්ජෙන්ටානනුවෙක්ම ආදරයෙන්,සතුටෙන්,ජයග්‍රාහී ලිලාවෙන් එකිනෙකා සිප ගන්නට හැකි තැනක් හදපු මෙසී,එතැන හැමදාම මතකයේ තිබෙන අයුරෙන් හැසිරෙන්නට බුද්ධිමත් විය යුතුය.රටක් එක තැනකට ගේන්න හැකි වැඩක් හැටියට ක්‍රීඩාවට දුන්න අගයට හැම ක්‍රීඩා ලෝලියෙක්ම මෙසි ඇතුළු පිරිවර හදවතින් වැළඳගන්නට ද පසු නොබා සිටිය යුතුය.”
ඉහතින් දැක්වෙන්නේ අප විසින් ඊයේ තැබූ “සිපගන්න දැනගන්නම ඕනිද” නම් සටහන අවසන් කළ අයුරුයි. ( https://sinhala.lankanewsweb.net/12/20/37862/)
ලයනල් මෙසී ඇත්තටම මැරඩෝනාට වඩා වැඩක් මේ ලෝක කුසලානය වෙනුවෙන් කළ බව ඇත්තයි.ඔහු වත්මන් ආර්ජෙන්ටිනාවේ ආර්ථිකමය වශයෙන් බිදි ගිය වපසරියක පාපන්දුව හැඩ කරන්නට ක්‍රීඩකයෙක්ටත් වඩා දේ කළා.එහෙත් ඊයේ ඔහු ආර්ජෙන්ටිනාවට පැමිණි පසු තමන්ගේ කණ්ඩායම් සඟයන්ට ප්‍රංශ ක්‍රීඩක කිලියන් ම්බාපේට ඔහු අසළම අපහාස වන විදිහට හැසිරෙන්නට ඉඩ දුන්නා.
ඩියාගෝ මැරඩෝනා ලෝක කුසලාන වීරත්වය පාලනය කර නොගත් යම් ආකාරයක එයින් ලද සමාජමය අවකාශය මුරණ්ඩු විදිහට සහ උද්ධච්ඡ විදිහට භාවිතයට ගත් අයෙක්.ඒ නිසාම ජිවිතයේ බොහෝ බාධක,කම්කටොළු වගේම අපහාස උපහාස විඳ ඔහුට ජීවිතය තේරුම් ගෙන නැවත හැරී එන්නට තරම් නොයා යුතු දුරක් ගියා.මෙසීට ඒ අත්දැකීමම වුණත් හැඩ ගැහෙන්න,ඉගෙනගන්න තියෙනවා.ඒ වගෙම මේ වන විට මෙසී අර්ජෙන්ටිනා කණ්ඩායමේ පාළකයා.ඒක තමයි ඇත්ත.ඒ නිසාම ඔහුට පුළුවන්කම තියෙනවා සිය කණ්ඩායමේ බාල හැඟීම් පාලනය කරන්න.

හිතුවෙ නැතුවට බරපතල විදිහට මේ දැක්වෙන්නේ ම්බාපේ අපහාසයට ලක් කරන දර්ශනයක් නෙමෙයි.මෙසෘගේ වෘත්තීයභාවය සහ ජ්‍යෙෂ්ඨත්වය අපහාසයට ලක් කරන දර්ශනයි.ක්‍රීඩා ලෝලියා සහ ක්‍රීඩකයාගේ වෘත්තීයභාවය අතර ඇති දුර කෙස් ගසක් නෙමෙයි.මහා දැවන්ත ඉඩක්.ඒ වෙනස හැදෙන්නෙම එතැන.දරා ගැනීම,ඉවසීම,ආචාරශීලීත්වය වගේම තමන් රටක් නියෝජනය කරන එහි අභිමානය ප්‍රකාශ කරන තානාපතිවරයෙක් යන්න ද එහිදී ක්‍රීඩකයා අවධානය යොමු කළ යුතු කාරණායි.
කෙනෙක් කරානම් අපි කරාම මොකද යන්න අන්තිම බාල තියරියෙන් මේ ප්‍රශ්න වෙත එබීමම අවුලක්.බැදීම්වලට යන කොට බෙදීම් නැතුව ක්‍රීඩකයාට වඩා ක්‍රීඩාව විශාලයි කියා දැන ගැනීම ක්‍රීඩකයාට මෙන්ම ක්‍රීඩා ලෝලියාටද ප්‍රේමියාට ද තේරුම් ගැනීමේ හැකියාව විශාල විය යුතුයි.මෙසි ලෝක කුසලානයෙන් පස්සෙ දැක්ක මේ සෙල්ලමේදීනම් ඔයා ගහන ගෝල් එක ඕෆ් සයිඩ්.කල්පනාවෙන් දුවන්න.ප්‍රතිවාදියා පසුකර ගෝලය වෙත යන්න ක්‍රමයක් නීතියක් හැටියටම පාපන්දුවේ හඳුන්වා දි තිබෙනවා.

මේ සිඳුවීමට සම්බන්ධ වෙන්නෙ ආර්ජෙන්ටිනා කණ්ඩායමේ දැල රකින්නා එමිලියානෝ මාටිනස්.ඔහු ප්‍රමුඛව විනාඩියක නිශ්ශබ්ද තාවයකින් මිය ගිය ම්බාපේට අවසන් ගෞරව දැක්වීම ගැන කියැවෙන වීඩියෝව ගැන දකිමින් ඉද්දි තමයි ශ්‍රී ලංකාවේ ප්‍රකට පාපන්දු ලෝලිණියක් වන අනෝජා බස්නායකගේ ගිණුමේ දුටුවෙ තව දුරටත් මාටිනස් විසින් ම්බාපේව අපහාසයට ලක් කරන අයුරු සහ ඒ අසළ මෙසී ඉන්න ඡායාරූප.මේ ඡායාූප සමඟය ප්‍රංශ ජනාධිපතිවරයාටවත් ම්බාපේ පිළිතුරු නොදි නිහඬව කම්පා වෙමින් සිටින මොහොතේ ඔහු අසළට එන මාටිනස් ම්බාපේව සනසන වීඩියෝවක් ද දකින්නට ලැබෙනවා.එහිදි ප්‍රංශ ජනාධිපතිවරයාටවත් ම්බාපේ නොදක්වන ප්‍රතිචාරයක් මාටිනස් ට ම්බාපේ දක්වනවා.ක්‍රීඩකයාට ක්‍රීඩකයා දක්වන ඒ ප්‍රතිචාරය රටක නායකයෙක්ටත් වඩා පාපන්දුව වටින බවට ම්බාපේගේ සිත තුළ තියෙන ආදරය විය හැකියි.
කෙසේ හෝ ම්බාපේ මියගිය බ සළකා අවමන් කර ද මාටිනස්ගේ සුරක්ෂිත දෑත් සිව් වරක්ම ලෝක කුසලාන අවසාන තරගයේදී ම්බාපේගේ පයෙන් පරාජය වූ බවත් අමතක නොකළ යුතුයි.ඒ වීඩියෝවත් මේ ඡායාරූපත් නරඹා වඩා ආදරය හිතෙන මාටිනස් තෝරාගන්න.නැවතත් ඒ අසළ සිටින මෙසීට කියන්නට ඇත්තේ “මේකනම් ඕෆ් සයිඩ්”

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan