හොදම දේ දරුවන්ටලු. ඒක ඇත්ත ද? (VIDEO)

Date:

හොඳම දේ දරුවන්ට යැයි කියමනක් ඇතත් දරුවන්ට ලැබෙන්නේ හොඳම දේ දැයි අවංකව කල්පනා කර බලන්නයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පෝෂදායී ආහාර වේලක් නැති දරුවන්,අධ්‍යාපනයට අවශ්‍ය මෙවලම් ටික ලබාගන්නට නොහැකි දරුවන් සිටින රටක, හොඳම දේ දරුවන්ට යන ප්‍රකාශය අසත්‍යක් බව ද ඒ මහතා පැවැසීය. ලෝකයේ පිළිබඳ දැන උගත් දක්ෂයින් අපේ රටේ සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා, ඔවුන්ගෙන් රට ගොඩනැගීම උදෙසා අවශ්‍ය ශක්තිය ලබාගත යුතු බවද පැවසීය.

රටක ජීවනාලියවන් දරු පරපුර දැනුම, කුසලතාවය මෙන්ම පහසුකම් වලින්ද පරිපූර්ණ කිරීම වගකීමක් බව විශ්වාස කරමින් ඒ උදෙසා වූ තිරසර අරමුණ පෙරදැරිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක සක්වල වැඩසටහනට සමගාමීව 46 වන බස් රථය ලෙස රුපියල් පනස් ලක්ෂයක් වටිනා (රු. 5,000,000.00) බස් රථයක් මැදවච්චිය අ/මෛත්‍රීපාල සේනානායක මධ්‍ය මහා විද්‍යාලයට ඊයේ (20) පරිත්‍යාග කරනු ලැබීය.

හුදෙක් කයිවාරු ගැසීමෙන් පමණක් දේශප්‍රේමය හෝ දේශාභිමානය ගොඩ නැංවිය නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා,සත්‍ය වශයෙන් ම කළ යුත්තේ #SriLankaFirst සංකල්පය ඔස්සේ රට ගොඩනැගීම බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර සභාව වසර දෙකකට පසු අද රැස්වෙයි!

කොළඹ LNW:පරිසර අමාත්‍යාංශයට අයත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පරිසර...