රාජපක්ෂලා ජීවිතේට පැනලා යන්නෙ නෑ. බංකොළොත් විපක්ෂය එක එක කතා කියනවා – ශෂීන්ද්‍ර (VIDEO)

රටේ පවතින එළවලු හිඟයට තවත් මාස දෙකක් තුළ විසඳුම් ලැබෙනු ඇති බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

“චීන නැවේ ආපු පොහොරවල ගැටලුවක් තියෙනවා. ඒ තියෙන නිසා තමයි ඒ අය නැවත ඒ නැව අරගෙන ගියේ. අපේ ප්‍රමිතියට අනුව ඒ පොහොර ටික නැවත නිෂ්පාදනය කරලා නැවත අපට ලබාදෙනවා. කොහොමත් ඉතින් බඩු ගෙනත් දුන්නාම සල්ලි දෙන්න ඕනෙ නෙ. නැතුව නිකම් දෙන්න ගෙනාපු එකක් නෙවෙයි ඒක”

ප්‍රශ්නය – ඒ කියන්නෙ මේ මුදල අපතේ යන්නෙ නෑ කියන එකද ?

“නෑ, නෑ. කිසිසේත්ම අපතේ යන්නෙ නෑ !”

ප්‍රශ්නය – දැන් රටේ එළවලු නැහැ. පිටරටින් ගේන්න සල්ලිත් නැහැ ?

“තව මාස දෙකකින් අහන්නකො ඔය ප්‍රශ්නය එළවලු නැද්ද කියලා … එතකොට මම ඕකට උත්තරයක් දෙන්නම්”

ප්‍රශ්නය – බැසිල් රාජපක්ෂ මහත්තයා රට දාලා පැනලා ගියා කියනවා. දැන් මේ ඩොලර් නැතිවෙලාවේ ඇමතිලා රටින් පනින එක ගැන මොකක්ද කියන්නෙ ?

“බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඔය චෝදනාව බංකොළොත් විපක්ෂය එල්ල කරන්නේ පළවෙනි වතාවටද ? ඒ මනුස්සයාටත් ජීවිතයක් තියෙනවා. එයා එයාගෙ නිවාඩු කාලෙ ගතකරන්න ගිහිල්ලා ආපස්සට එනවා. කිසි ගැටලුවක් නෑ ඒකෙ. යන්න පුළුවන්, එන්න පුළුවන්. පැනලා යන්නෙ නෑ ජීවිතේට රාජපක්ෂලා !”

ප්‍රශ්නය – දැන් රටේ ඩොලර් නැති වෙලාවෙ ඇමතිලාට රට යන්න ඩොලර් … ?

“ගැටලුවක් නෑනෙ ඉතින්. 225 ම ගියත් ගැටලුවක් නෑනෙ. ඩොලර් නෑ කියන්නෙ ඉතින් ඩොලර් නැතිවෙන්නෙ බැංකුවල නෙ. නෑ, ඇත්තටම මේක දැන් හොඳ තත්වයකට හැරේවි කියලා බලාපොරොත්තු වෙනවා”

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර සාංචියට රටවල් රැසකින් බැතිමතුන්

කොළඹ LNW:ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි මහා පුදබිමේ වාර්ෂික...

ජනපති අනුරගේ 2027 අයවැය කතාව අද පාර්ලිමේන්තුවට

සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැය යෝජනාවලිය අද (12) ජනාධිපති...

තෙල් නිෂ්පාදනය පසුගිය මාස කිහිපය තුළ ඉහළම මට්ටම කරා ළඟා වූ බව OPEC සංවිධානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඉරාන යුද්ධයට පෙර...

ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රබලයෙකු හමුදා කඳවුරක පදිංචියට යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 12: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...