කොළඹ කුලපති හිමිට විරෝධය පෑ තරුණිය ?

පසුගියදා පැවැති කොළඹ විශ්වවිද්‍යාලීය උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වෙතින් උපාධි මංජුසාව නොගෙන විරෝධය පෑ

තරුණිය පිළිබඳ සමාජ මාධ්‍යවල විවිධාකාරයේ මත පලවෙමින් තිබේ.

මෙලෙස විරෝධය පෑ උපාධි අපේක්ෂිකා ගයාත්‍රී නවරත්න, උප කුලපතිතුමිය විසින් වැළඳ ගෙන පිළිගැනීම ද විශේෂත්වයකි.

වාර්තාවන අන්දමට එම තරුණිය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරකවරියක් ලෙස කටයුතු කර ඇත.

https://www.facebook.com/watch/?v=898157891069905

2014 උසස් පෙළ විභාගයේදී දිවයිනෙන්ම කලා විශයෙන් තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ඇයටය.

මෙසේ කුලපති හිමිට විරෝධය පෑ තරුණිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන මහීල් බණ්ඩාරගේ පෙම්වතිය බව පැවසේ.

මහීල් බණ්ඩාර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල හිටපු කැඳවුම්කරුවකු වන අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් පිහිටවනු ලැබූ ‘සැබෑ දේශප්‍රේමියෝ’ තරුණ කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකයකු ද වේ.

 මහිල් බණ්ඩාර, පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ක්‍රියාකාරීව පෙනී සිටියෙකි.

THE LEADER