රටක ආර්ථික සංවර්ධනය රැඳී ඇත්තේ පිටත ලෝකයේ ආයෝජන සමඟ සබඳතා ගොඩනගා ගැනීමෙන් මිස තව තවත් ලෝකයෙන් හුදෙකලා වීමෙන් නොවේ.
මේ සන්දර්භය ලංකාව වැනි කුඩා රටකට අදාලව ගත්විට ලංකාව එවන් ආර්ථික සබඳතා ගොඩ නගා ගත යුතුව ඇත්තේ ලඟම ඇති දැවැන්ත ආර්ථික රාජ්‍යය සමඟය.. මෙහිදී ඉන්දියාව යනු ආසන්නතම හා කලාපයේ පමණක් නොව ලොව විශාලතම වෙළඳපොල හිමි රටයි..
එසේම ලංකාවේ වරායන් සහ සුදු ආයෝජකයන් අත හැර දමා ගිය ත්‍රීකුණාමල තෙල් ටැංකි වැනි දෑ මහා පරිමාණ කර්මාන්තකරණයට සම්බන්ධ කරගත හැක්කේ අසල්වැසි ඉන්දියාව මැදිහත් කරගැනීමෙන්ම පමණකි, මන්ද බටහිර ලෝකය ලංකාව වැනි ඈත කුඩා දූපතක් සමඟ සම්බන්ධ වීම යනු මේවනවිට නොකෙරෙන කාර්යයක් වී ඇති බැවින්..
එබැවින් ලංකාව වැනි කුඩා රටක් ආයෝජන සඳහා මැදිහත් කරගත යුතුවන්නේ ලංකාවේ පිහිටීම වැදගත් වන ආර්ථික රාජ්‍යයක් සමඟ පමණය..
ආසියාව තුල කුඩා ලංකාව පිහිටා ඇත්තේ මහා ඉන්දියාවට ඉතා ආසන්න දූපතක් ලෙසය. එබැවින් එදා මහා ඉන්දියාව සොයා පැමිණි බටහිර ජාතීන් එය යටින් තිබූ ඉන්දියානු මුරපොලක් වැනි කුඩා දූපත අල්ලා ගත්තේ එය (ලංකාව )වෙනත් සතුරු පාර්ශවක් අල්ලා ගතහොත් එය පවත්නා ඉන්දියානු පාලනයට තර්ජනයක් වෙතැයි යන සැකය නිසාය..
ඒ හැර මේ කුඩා දූපතේ තිබූ විශේෂ සම්පතක් හෝ වැදගත්කමක් නිසා නොවේ..
වෙනෙකක් තබා චීනය පවා මේ මොහොතේ ලංකාවට දක්වන සැලකිල්ලේ ප්‍රමාණය තීරණය කෙරෙන්නේ ඒ තුලින් ඔවුන්ගේ ප්‍රතිවාදී ඉන්දියාවට එය බලපෑමක් වන ප්‍රමාණයේ සීමාව මත පමණි …
එබැවින් ලංකාවේ පිහිටීමට යම් වැදගත් කමක් ඇත්නම් ඒ වැදගත්කම ඇත්තේ ලංකාව නැමති කුඩා දූපත මහා ඉන්දියානු අර්ධද්වීපය අසල පිහිටීම නිසා මිස වෙන අන් කවරක්වත් නිසා නොවේ.. ඒ අනුව ලංකාව ස්වකීය ආර්ථික වටිනාකම සොයාගත යුත්තේ ඉන්දියාවට ආසන්න වීම තුලින් මිස ඈත්වීම තුලින් නොවේ..
ලංකාව ලඟම ඇති ප්‍රජාතන්ත්‍රවාදී වෙළඳපොල හා කර්මාන්ත ප්‍රාග්ධනය ඇති රට ඉන්දියාවයි, දැන් කල යුත්තේ ඉන්දියාව යාකෙරෙන පාලම් කඩාබිඳ දමා ගෝත්‍ර හුදෙකලාවක අතරමං වීම නොව රාජ්‍ය තාන්ත්‍රිකව ඉන්දියාව සමඟ යාවී ඒ තුලින් ස්වකීය වටිනාකම සොයාගැනීමයි…
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN