*
Sunday, December 22, 2024
spot_img

Latest Posts

රගර් දල කාරයන්ගේ ටකල්වලින් ලිස්සා ගොස් ඇමති උත්සාහක දිණුම ලබයි.

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 22 ,(LNW)කොළඹ :

අධිකරණය කිව්වත් ඇමතිට හරි කියලා රගර් ව්‍යවස්තාව වෙනස් කරගන්න දඟළන නඩේ අලුතෙන් ආපු ක්‍රීඩා ඇමති හමු වූ වෙලාවෙ ටකල් කිහිපයක්ම දමා බැලුවත් අමාත්‍යවරයා අවශ්‍යය උත්සාහක දිණුම ලබා ගෙන මිස පස්ස බැලුවේ නැත.ඔවුන් මෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද නිතරම සමාජ ගත කරන්නට හැදුව අදහස වූයේ පළාත් සංගම් විසින් දැමූ නඩුව නිසා නිලවරණය කල් දැමුණු බවය.නමුත් සැප්තැම්බරයේ ද විශේෂ මහා සභාව නොපවත්වන ලෙස අධිකරණය නොකිව් අතර අධිකරණ නියෝගයේ වූයේ විශේෂ මහා සභාවේ ව්‍යවස්ථා සංශෝධනය ගැන කතාබහට නොගන්නා ලෙසය.


අධිකරණය එසේ කියද්දී ද,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිතරම මුමුණමින් සිටියේ ව්‍යවස්ථා සංශෝධනය ලෝක රග්බි සම්මේලනයෙන් සිඳු කරන ලෙස බලපෑම් ඇති කරන බවය.එහෙත් කුමන හෝ සංගමයක තාවකාලික භාරකරු ලෙස පත් වූ විට අදාළ සංගමයේ ව්‍යවවස්ථාවෙන් පිට එය නොසළකා වැඩ කළ නොහැකි යන සරල සිද්ධාන්තය අප අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පෙන්නා දුන්නද,ඔහු උත්සාහ කළේම ව්‍යවස්ථාවෙන් පිටත වැඩ කරමින් ව්‍යවස්ථාව වෙනස් කරන්නටය.


ඔහුට සහයෝගයට පිටතින් සිටියේ කවුරුන්ද යන්න අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී හෙළිදරව් විය.අප අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සෙලවෙන දෙතොල දුටුවා මිස ඇසුණේ ඔහුගේ හඬ නෙවේය.එම තොල් සෙලවීම්වලින් වාසිදායක තත්ත්වයක් අත් කර ගත්තේ කවුරුන්ද යන්න අපට ඉතාම පැහැදිළි වුව ද,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තවමත් තේරුම් ගත් බවක් පෙනෙන්නට නැත.නිලවරණය නොපවත්වා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ බලය පවතින මොහොතේ විසුරුවාලන සංගමයේ සභාපතිවරයාම (නලීන් ද සිලවා) හරීන් ප්‍රනාන්දුට ලෝක සම්මේලනය කියූ බව කියා පහසුකම් දෙන්නා හැටියට පත් කර ගැනීමෙන්,තිබුණු තාවකාලික බලය යොදා ගෙන නලීන් කර ඇත්තේ ආසියානු සම්මේලනයේ තනතුරකට රිංගීමය.අනිතික ලෙස ආසියානු නිලවරණයට රිංගා ගැනීමට උත්සාහ දැරීමය.පසුව එය වළක්වා බලධාරියා විසින් නිලවරණ අවස්ථාවට එක්වීමට ගියත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඡන්ද අයිතියද නුදුුන්නේය.රටේ සල්ලි තායිලන්තයට ගොස් එන්න වැයවීමෙන් පමණක් නැවතිණ.

ලංකාවේ රගර් පරිපාලනය වූ ආකාරය
නලීන් යනු මේ වන අලුතෙක් කවුරු පත් වුව ද,නොසළකා නොසිටිය හැකි කරුණක් වන ලෝක සම්මේලනයෙන් පවුම් 50000 ක දඩයක් ගෙවීම සඳහා ශ්‍රී ලංකාවට හේතු වූ පරිපාලනයේ ලේකම්වරයාය.එම දඩය තමන්ගේ නොසැළකිල්ලෙන් රටේ රගර්වලට අපකීර්තිය ළඟා කිරීමක් වුව ද,එම දඩ මුදල වර්ෂිකව කොටස් වශයෙන් ගෙවීම ලංකාවේ රගර් සංවර්ධනයට ගෙවන මුදලින් අඩු කර ගැනීමට යෝජනා කළේ ද එම පරිපාලනයමය.දැන් ලංකාවේ රගර් පරිපාලනවල හැසිරීම් මෙන්ම ඒවා තාවකාලිකව මෙහෙයවන්නට ආණ්ඩු පත් කරපු නිලධාරීන්ගේ වික්‍රමාන්විත පරිපාලන හැකියාව කෙසේද යත්,ඒ විනාශකාරි දරුණු තීරණවල ගොදුරක් බවට ශ්‍රී ලංකාවේ රගර් පත් කරන්නට මුල් වූ පරිපාලනයේ සභාපති සහ ලේකම් දෙදෙනාම අද ආසියානු සම්මේලනයේ ය.


ඒ ආසියානු පරිපාලනය ලංකාවේ රගර් රොඩු බවට පත් කරන්නට උත්සාහ කළ මිනිසුන් රැගෙන වරප්‍රසාද දෙමින් ආසියානු වගකීම් පවරන අතර, එසේ කරමින් ලංකාවේ රගර් හදන්නට උපදෙස් දීමේ හාස්‍යජනක විහිළු ද නොනවත්වා කරගෙන යන්නේය.එම විහිළු සහගත අධිපතිවාදී හැසිරීම්වලට එකඟ නොවී සෘජුව රටේ රගර් වෙනුවෙන් පෙනී සිටිය රිස්ලි ඉල්ලියාස් වැනි සභාපතිවරු ආසියාව තමන්ගේ බලය යොදා තනතුරුවලින් විසි කරන විට,ඒවා සඳහා ආසියානු සභාපතිවරයාට පාවඩ එලා,හේවිසි වයා පිළිගන්න මෙ‘රට දේශපාලකයෝ මෙන්ම නිලධාරී ද එක පයින් එක්ව සිටි අතර,සංගම් අතර සාකච්ඡාවේදී ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තම රටේ රගර් පරිපාලන සභාපතිවරයා හරි පරීක්ෂණ වාර්තාවක්වත් ඉදිරිපත් නොකර ඉවත් කරද්දී හිස වනා,තවමත් ඔවුන් කියන විදිහට වැනීම ලංකාවේ වගකීම විය යුතු බව සිතන බව තහවුරු කරමින්,රගර් සංගම් ඔහු ගැන කියද්දී එම තහනම ගැන කියන්නට ගොස් ඇමතිවරයා ඉදිරියේදීම පොඩ්ඩක් විතර කොළය ඉරා ගත්තේය.

ඇමති ටැකල් කිරීමට ගත් අදේශපාලනික උත්සාහය
ලංකාවේ සම්පත් විමධ්‍යගත නොවීම ගැන බරපතල තත්ත්වයක් ඇත.ඒවා වෙනස් කිරීම ද ක්‍රම වෙනස වන අතර මන්ත්‍රි ආසන 159 ක් දි එම ක්‍රම වෙනසට බලය ගත් ආණුඩුවක ඇමතිවරයෙකු ඉදිරියේ පළාත් සංගම්වලට ඇති බලය අහෝසි කරන්නට හෝ අඩු කරන්නට යෝජනා කරන්නට තරම් බල අන්ධභාවයෙන් හැසිරෙන පිරිසක් උත්සාහ කළේය.කොළඹ සහ මහනුවර ක්‍රීඩා සමාජය දක්වා පටු වි ඇති ක්‍රීඩා සමාජ ප්‍රමාණයේ උවමනාවට බලය හැසිරවීමේ උවමනාව මෙහිදී සෙමින් යටින් මතු කරමින් ඇතැම් අය ඡන්දය හිමි පිරිස් ඇතැම් විට කොළ කෑලිවලට සීමා වූ ක්‍රීඩා සමාජ බවට ඒත්තු ගන්වන්නට උත්සාහ ගත්තේය.ඇමතිවරයාගේ අවශ්‍යයතාවය වූයේ අධිකරණ නියමය මත නිලවරණය පවත්වා නිමා කිරීම වුවත්,එවැනි උත්සාහයන් ද නොනැවතී සිඳු වූයේ ඒවාට ඇවැසි ආකාරයේ පිළිතුරු ද ලැබෙමින් එම උත්සාහයන්වල සැබෑ නිරුවත හෙළිවෙමින්ය.


එහි කී කතා ද නොකී කතා ද ඇත.කොළවලට සීමා ක්‍රීඩා සමාජ ගැන මෙන්ම ප්‍රධාන ක්‍රීඩා සමාජ රගර් පවත්වාගෙන යන බව සහ ඔවුන්ට ඡන්දයේ අයිතියි හිමිවීමට අවශ්‍යය බව මතු විය.එහෙත් එහිදී මතු වූ කරුණු අනුව පවුම් 50000 දඩය වගේම විශාල ණය කන්ද ඇති කිරීමට බල පා තිබෙන්නේ මේ ක්‍රීඩා සමාජවලින් පැමිණි අයය.ඒ හැම ක්‍රීඩා සමාජයක්ම පළාත් සංගම්වලට බද්ධ වන අතර එම පළාත් සංගම් හරහා නිලවරණවලට එන්නටත් හැකිය.එසේම ක්‍රීඩා සමාජ එම පවුම් 50000 පළාත්වල ක්‍රීඩාව නැංවීම සඳහා එන මුදලින් කපා ගන්නා ලෙස ජාත්‍යන්තරයට යෝජනා කළේ ද ප්‍රධාන ක්‍රීඩා සමාජවල අය මුල් පුටුවල සිටියදී බවත් අමාත්‍යවරයාට තහවුරු කර ගැනීමට හැකි විය.


අමාත්‍යවරයා කොළ කෑලි ක්‍රීඩා සමාජ නිර්මාණය වන හැටිනම් ඒ චෝදනාව කළ අයට කියා දුන්නේය.එසේම මෙම ව්‍යහුය වෙනස් කර තිබෙන්නේ ලෝක රග්බි විසින් නිරීක්ෂණය කර ඔවුන් විසින්ම යොමු කරන ලද නවසීලන්ත ජාතික ජෙෆ් මැතසන් විසින් බව ද තහවුරු විය.දුෂ්කරතා මැද නිර්මාණය කරන ග්‍රාමීය රගර් ක්‍රීඩකයින් එම පැල තවාන්වලින් උඳුරාගෙන හැටි ද අපූරුවට විස්තර විය.ඒ ප1ධාන පාසල් සහ ක්‍රීඩා සමාජ ඇසුරෙන් සිඳුවන්නේ රැඟෙන එන පාසලේ සිත නොබිදි තව දුරටත් ක්‍රීඩාව කරගෙන යන්නට පහසුකම් හෝ වැඩි කර නොවීම නිසා එම ග්‍රාමීය පාසල්වල රගර් දුෂ්කරතාවලට සමාන කළකිරීම්වලින් ද නවතින බව අමාත්‍යවරයා ඉදිරියේම කරුණු සහිතව හෙළිදරව් විය.ප්‍රාදේශිය මට්ටමට විකාහණය නොවී ක්‍රීඩාව රඳවා ගැනීමේ යෝජනා අමාත්‍යවරයා ඉදිරියේ ගෙන එමින් දඟළන පිරිස් කෙතරම් දුරට ප්‍රායෝගික නොවන්නේද යන්න සඳහා හොඳම උදාහරණයකුත් ක්‍රීඩා අමාත්‍යවරයා අසළම අසුන් ගෙන සිටියේය.ඒ නියෝජය ඇමති සුගත් තිලකරත්නය.ගමේ කීඩාව වල දමා තිබුණානම් සුගත් වැනි ක්‍රීඩකයින් හමු නොවන අතර ඒ නිසා අභියෝගය ඇත්තේ ගමට රගර් රැඟෙන යාමේ ක්‍රමයක් සැකසීම කෙරෙහි සහ පළාත් මට්ටමෙන් තව දුරටත් බලය තහවුරු කරගෙන කටයුතු කිරීමෙහිය.


කෙසේ හෝ විවිධ ආධාර වැඩ සටහන් සකසා ගනිමින් සහ හොයා ගනිමින් ගමට රගර් රැඟෙන යාමට සහ කාන්තා රගර් සඳහා සහභාගීත්වය පුළුල් කිරීමට සැළසුම් සකස් කළ එිටපු සභාපතිවරයෙක් වූ රිස්ලි ඉල්ලියාස්ව එලවා එම වැඩ කඩාකප්පල් කිරීමට ක්‍රීඩා ඇමතිවරු,අමාත්‍යංශයේ නිලධාරි සහ ලංකාවෙන් වැරදිවලට දඬුවම් නොලැබීම නිසා ආසියාවේ වගකීම්වලට බැදුණු අය ආසියානු සභාපති සමඟ එක්ව ක්‍රීයා කළ ආකාරයද අමාත්‍යවරයා ඉදිරියේ හෙළිදරව් විය.

ඇමතිවරයාගේ උත්සාහක දිණුම සහ නිලවරණයෙන් පසු වගකීම්
ඇමතිවරයාට අවශ්‍යය වී තිබුණේ නිලවරණය අධිකරණයේ උපදෙස් පිට පැවත්වීමටය.එහි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂන තව දුරටත් තහවුරු කර ගැනීමට රගර් සම්බන්ධ පළාත් සංගම් සහ ක්‍රීඩා සමාජ ද කැඳවීම අරමුණ විය.ඒ ඉලක්කයට යාමට ඔහු ගත් උත්සාහයන්වලදී අමාත්‍යවරයා සෘජුව ගැටීම් ඇති කර ගැනීම වෙනුවට වෙනත් අයගේ මතවාදවලීන් ඒවා බිඳ වැටෙන සංවාදවලට ඉඩ දෙමින් ද,අපූරු නමණීයත්වයික්න් ප්‍රශ්න හසුරුවමින් ද ඉලක්කය වෙත ගියේය.එසේ ගොස් නිලවරණය අධිකරණයේ තීරණයට ගරු කරමින් පවතින ව්‍යවස්ථාව අනුව පැවත්වීම කෙරෙහි එකඟතාවය ලබා ගත්තේය.


එසේම අමාත්‍යවරයා ඉදිරියේදි මෙහිදී සාකච්ඡාවට ගැණුන කරුණු සම්බන්ධයෙන් පත්වන පරිපාලනය ක්‍රියා කරන ආකාරයද බලා සිටිනු ඇත.එහිදී රිස්ලි ඉල්ලියාස් ඉවත් කිරීමේ උවමනාව ජාත්‍යන්තරයට ගෙන යමින් කටයුතු කළ නිලධාරි සම්බන්ධයෙන්,දේශපාලකයො සම්බන්ධයෙන් අමාත්‍යංශයට පත්වන පරිපාලනයක් විසින් කරුණු දක්වන්නේ ද යන්න සහ වැරදි සහගත ලෙස ශ්‍රී ලංකාවේ රගර්වලට එන ජාත්‍යන්තර ආධාර තමන්ගේ තීරණවල වරදින් ලංකාවට අහිමි කළ නිලධාරීන් සම්බන්ධයෙන් සහ පරිපාලනය ණය බරින් පිරවූ නිලධාරීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයටද විරෝධය පළවන ආකාරයට යෝජනා සම්මත කර ගන්නේද යන්නත් අමාත්‍යවරයා අවධානයෙන් සිටිනු ඇත.එසේ සැබෑ උවමනාවක් ද මේ විරෝධය නිලවරණ මොහොතේ බලය සම්බන්ධයෙන් පමණක් අටවා ගත් ව්‍යාපෘතියක්ද යන්න දැන “ඔයගොල්ලො සේරම යාළුවො“ කියා මේ විරෝධතාවල තියෙන බොරුව අමාත්‍යවරයා විසින් හඳුනා ගන්නවා ඇත.


ඒ නිසා අමාත්‍යවරයා අවශ්‍යය උත්සාහක දිණුමට යන අතර ඉදිරියට රගර් සමඟ ක්‍රීඩා කරන හැටි පැහැදිළි කර ගැනීමට පිටියද නිරවුල් කරගෙන හොඳින් දර්ශනය වන තැනක රැඳෙන්නට මෙම සංවාදය අවසානයේ සමත්ව ඇත.ඒ නිසා ඉදිරියේදී මෙහි ඇත්ත නැත්තට වඩා විරෝධයේ ඇත්ත සහ බොරුව පරීක්ෂාවට ලක් කරන පරීක්ෂණයක් ලෙස ද මේ හමුව අමාත්‍යවරයා විසින් යොදා ගන්නවා ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan