2023 පළමු කාර්තුවේදී IMF අනුමැතිය ලැබේවිද…???

Date:

ලබන වසරේ (2023) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති මූල්‍ය පහසුකම සඳහා අයිඑම්එෆ් අනුමැතිය ලබාගැනීම ශ්‍රී ලංකාවේ උත්සාහය බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන එම විස්තීර්ණ ණය පහසුකම සඳහා අයිඑම්එෆ් අධ්‍යක්‍ෂ මණ්ඩල අනුමැතිය ලැබීම තවදුරටත් පමා විය හැකි බවද ඇමැතිවරයා කියයි.

ඉල්ලා ඇති ණය මුදලට අයිඑම්එෆ් විධායක මණ්ඩල අනුමැතිය ලබාගැනීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් මුදල් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කීවේය.

අප සාකච්ඡා මට්ටමේ සිටින්නේ මේ ණය පහසුකමට අයිඑම්එෆ් අනුමැතිය ලබාගත්තහම ඒක තමයි අවසාන එකඟතාව වන්නේ. ඒ එකඟතාවය අපි බලාපොරොත්තුවටත්, පොදුවේ මහජනතාවටත් දැන ගන්නට අවශ්‍ය කටයුතු කරනවා. අපට දැනට අදාළ මූල්‍ය පහසුකමට අයිඑම්එෆ් කාර්ය මණ්ඩල එකඟතාව තියෙනවා. දෙපාර්ශවය තවම අත්සන් කරලා නැහැ. යම් එකඟතාවකට ඇවිත් තිබෙනවා. එනම් රට ණය තිරසාරභාවය ඇතිකරගෙන කොහොමද ඉදිරියට ගමන් කරන්නේ කියන එක ගැන අවසාන එකඟතාවට පෙර අයිඑම්එෆ් එකට අපේ ණය හිමියන්ගෙන් කිසියම් එකඟතාවයක් අවශ්‍යයි යැයිද මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා තවදුරටත් කීවේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...