හිස් අරක්කු බෝතල් 1000ක් බෞද්ධ – පාලි සරසවියෙන් හමුවේ

තාවකාලිකව වසා දමන ලද හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඊයේ (21 වැනිදා) සිදු කළ සෝදිසියකදී හිස් මත්පැන් බෝතල් හා බියර් ටින් අතිවිශාල ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ නාහිමියන් ඇතුළු විශ්වවිද්‍යාල බලධාරීන් පිරිසක් විසින් මෙම සෝදිසිය සිදු කර ඇත.

කසළ බැහැර කිරීම සඳහා විශ්වවිද්‍යාලයේ ඇති වළක් තුළ හා අපජලය බැස යන කාණු පද්ධතියට අදාළ ගලි වළක් තුළ මෙම හිස් මත්පැන් බෝතල් හා බියර් ටින් දමා තිබුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.

විශාල පොහොර උරවල දමා කසළ වළට විසිකර තිබූ හිස් මත්පැන් බෝතල් දහසකට ආසන්න ප්‍රමාණයක් මෙහිදී සොයාගෙන තිබේ.

සෝදිසියෙන් පසු අදාළ හිස් මත්පැන් බෝතල් කුඩු කරමින් එම කසළ වළටම දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

පොලිස් අත්අඩංගුවට ගැනීමට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සැඟවී සිටියේ ද මෙම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළය. අදාළ හිස් මත්පැන් බෝතල් විශ්වවිද්‍යාලය තුළට පැමිණියේ කෙසේදැයි හෙළි වී නැත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...

අනුරාධපුර රැලියේදී විමල් කළ ප්‍රකාශයක් ගැන CCIB විමර්ශනයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 12 වනදා අනුරාධපුරයේ...