ආර්ථික අර්බුදයට විසඳුම රජය තුළ නෑ – තිස්ස විතාරණ

Date:

අර්බුදයට විසඳුම පෞද්ගලීකරණය බව පෙන්වා දෙමින් රාජ්‍ය සම්පත් දියකර හැරීමට පිඹුරුපත් සකසමින් සිටින බවත්, රජය හා ප්‍රතිපත්ති සම්පාදකයන් ගනු ලැබූ තීරණ එකකින්වත් මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට නොහැකි වන බවත් ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම පක්‍ෂයේ 88 වැනි සංවත්සරයේදී පැවසීය.

ලංකා සම සමාජ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මෙම සංවත්සරයේදී තවදුරටත් අදහස් දැක්වූ තිස්ස විතාරණ මහතා මෙසේ ද කීවේය.

“කලක් තිස්සේ අපේ රට විදේශවලින් හා විදේශීය සංවිධානවලින් ලබාගත් ණය හා පොලිය ගෙවීමට සිදුවීම නිසා මේ රටට දරාගත නොහැකි ඩොලර් හිඟයක් ඇති වුණා. මේ වනවිට රටට අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ ගෙන්වීමටවත් ඩොලර් නොමැති තත්ත්වයක් උදාවී තිබෙනවා. රෝහල්වල බෙහෙත් නොමැතිකම නිසා ඖෂධහල්වලින් බෙහෙත් මිලදී ගැනීමට සිදුවී තිබෙනවා. ඖෂධවල අධික මිල නිසා වෛද්‍යවරුන් නිර්දේශ කරන බෙහෙත්වලින් කොටසක් පමණක් මිලදී ගැනීමට මේ වනවිට රෝගීන් පෙළඹී සිටිනවා. ඒ අනුව බෙහෙත් නොමැතිකම නිසා රෝගීන් මිය යෑමට පටන් ගන්නවා.

මේ වනවිට 70%ක් විතර පවුල් අඩු ආදායම්ලාභීන් බවට පත්ව තිබෙනවා. ඒ අයට ජීවත් වීමට සුදුසු ආදායමක් නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නේ ආහාර පාලනය වීමයි. දරුවන්ට දෙවේලක් දීලා දෙමාපියන් එක් වේලකින් පිරිමහගන්න තත්ත්වයක් අද උදාවී තිබෙන්නේ.

අවුරුදු 5ට අඩු දරුවන් 5 දෙනකුගෙන් එක් අයෙක් මේ වනවිට මන්දපෝෂණයෙන් පෙළෙනවා. මේ රටේ අනාගත පරපුර ගැන අපිට විශාල භීතියක් තිබෙනවා. ප්‍රෝටීන් ඌණතාවය නිසා ඉදිරියේදී අපේ ශ්‍රම බළකාය උදාසීන පිරිසක් වීම නවත්වන්න බැහැ”

සංවත්සර දෙසුම පැවැත්වූ මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා අදහස් දක්වමින් වර්තමාන රජයේ එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බවට විශ්වාස කළත් එම අරමුදලේ ප්‍රතිපත්තිය වැටෙන්න සිටින එකා තවත් ප්‍රපාතයට වැට්ටවීම බව කීවේය. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති ඩියු ගුණසේකර, ඇතුළු පක්‍ෂ නායකයන් සම සමාජ පක්‍ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් මෙම සංවත්සරයට එක්ව සිටියහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන සටන් විරාමයකට එකඟ නොවන්නේ නම් පුටින්ට ‘ඉතා දරුණු ප්‍රතිවිපාක’ වලට මුහුණ දීමට සිදුවන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සෙවනගලත් පැල්වත්තත් ප්‍රශ්න රැසක. රජයට අබමල් රේණුවක හැඟීමක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සෙවනගල සිනි කර්මාන්තශාලාවේ යන්ත්‍ර 2න් 1ක්...

කණ්ඩලමේ හැඩකාරයාත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල ''කණ්ඩලමේ හැඩකාරයා'' නමින් හැඳින්වුණු වන අලියා...

මන්නාරමේ සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි !

සටහන - රුවන් නෙළුගොල්ල මන්නාරම ප්‍රදේශයේ යෝජිත සුළං විදුලි බලාගාරය...