*
Friday, October 25, 2024
spot_img

Latest Posts

බූස්ටර් එන්නත ගත්තොත් ඔමික්‍රෝන් අවදානම 83% කින් අඩුයි

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීමේ අවදානම 83% කින් අවම කරගත හැකි බව තහවුරු වී තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මේ බව සඳහන් කළේය.

මේ වනවිට ඔමික්‍රෝන් ප්‍රභේදය බහුල ලෙස ව්‍යාප්ත වී ඇති රටවල එන්නත්කරණ සංඛ්‍යා දත්ත මගින් මේ බව තහවුරු කරගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

මේ නිසා හැකි ඉක්මනින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා අවශ්‍ය එන්නත් මේ වනවිටත් ගෙන්වා ඇති බව බටුවන්තුඩාව මහතා සඳහන් කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan