*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

සජිත්ගේ “සක්වල” 55 අදියරින් නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකාවට ස්මාර්ට් පන්ති කාමරයක් (VIDEO)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “සක්වල” වැඩසටහනේ 55 වැනි අදියර යටතේ නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම ඊයේ (21) සිදුකෙරිණි.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

දැයේ දුවාදරුවන්ගේ පරිගණක සාක්ෂරතාවය වර්ධනය කිරීම සහ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම අරමුණු කරගෙන “සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන” ක්‍රියාත්මක කෙරේ.

එහිදී විපක්ෂ නායකවරයා පැවසුවේ මේ වන විට රටේ ජීවනෝපායන් කඩා වැටී ආර්ථිකය බංකොලොත් වී ඇති මොහොතක සමහර පාර්ශ්ව වංචාකාර දේශපාලන නාට්‍ය නිෂ්පාදනය කරමින් සිටින බවත් අලුත්ම විහිළුව වී ඇත්තේ අයවැයට, වැට් බදු වැඩි කිරිමට පක්ෂව ඡන්දය ලබා දී ජනාධිපතිව රකිමින් ජනතාවගේ කරපිට බදු බර පටවන්න එපා යැයි නිවේදන නිකුත් කරමින් පැවසීම බවත් ය.

වැට් බදු වැඩි කරන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ රට බංකොලොත් කළ පවුල් පාලනයේ කොටසක් එයට ඡන්දය ලබා නොදී ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි ව්‍යාජ රගපෑමක් නිරත වුවත් ඔවුන්ගේම පවුලේ සෙසු පුද්ගලයන් වැට් බදු වැඩි කිරීමට පක්ෂය ඡන්දය ලබා දුන් බවත් රට බංකොලොත් කළ රට විනාශ කළ මේ පුද්ගලයන් විවිධ රගපෑම් ඔස්සේ ජනතාව මංමුලා කිරීමට නැවතත් උත්සාහ කරන බැවින් මොවුන්ගේ මේ ව්‍යාජ රගපෑම්වලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජපක්ෂ පවුල් පාලනය විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමට අදාළ නඩු කටයුත්ත දැමුවේ සමගි ජන බලවේගය බවත් සෙසු පක්ෂ මෙන් ෆයිල් පෙන්වා ව්‍යාජ රගපෑම් සිදු නොකළ බවත් මෙම අධිකරණ තීන්දුව හරහා ඕනෑම අයකුට අධිකරණයට ගොස් මෙම නඩු නිමිත්ත පදනම් කර ගෙන අධිකරණයේ පිහිට පැතිය හැකි බවත් ඒ සඳහා ද සමගි ජන බලවේගය මුලපුරා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට බංකොලොත් කළ මේ පුද්ගලයන්ට බදු බර ගැන කතා කිරීමට අයිතියක් නොමැති බැවින් මෙවැනි ප්‍රෝඩාකාරී පුද්ගලයන්ගේ කතාවලට නොරැවටෙන ලෙසත් රට විනාශ කළ මේ පවුල කේන්ද්‍ර කර ගෙන දුෂණය පිටුදැකීමේ බද්දක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.

එසේ ම මේ රට ධනපති සුපිරි පැළැන්තියකට අයිති රටක් නොව ලක්ෂ 220ක් ජනතාවට අයිති රටක් බැවින් රටේ අනාගතය වන රටේ දරු පරපුර ආරක්ෂා කර ගැනීමේ වගකීම දෙමාපියන්ට සේම රටේ ජනාධිපති සහ ආණ්ඩුවේ ද වගකීම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

තවද පාසල් දූදරුවන් කන්න නැතිව ක්ලාන්ත වී ඇද වැටුනට ජනාධිපති, අගමැති, මැතිඇමතිවරු කිසිදු දිනක කන්න නැතිව ක්ලාන්ත වී නැති බවත් පාසල් දූදරුවන් එවැනි ඛේදනීය තත්ත්වයකට පත්ව ඇති මොහොතක ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය කිසිදු මන්ත්‍රීවරයකුට එය නොසලකා සිටිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1710ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3890ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 55ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 517ක් ද වැය කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan