ජනවාරිය ආණ්ඩුවට මාරාන්තිකයි! (VIDEO)

Date:

ජනවාරි 09 වැනිදාට පෙර මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළ යුතුව ඇති අතර මැතිවරණ කොමිසම එය පැවැත්වීමට දරන උත්සාහයට සමාන උත්සාහයක් එය නොපැවැත්වීමට ආණ්ඩුව විසින් දක්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එයට හේතු තුනක් පවතින බවයි ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව වැඩි කළ ආදායම් බද්ද ක්‍රියාත්මක වීම,විදුලි කප්පාදුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලැබීම මාර්තුවෙනුත් පසුවට යාම යන කාරණා ඊට බලපා තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

දෙසැම්බරය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සමඟ ආසියානු සංවර්ධන බැංකුවේ ණයද ගෙන අනෙක් පසින් බැඳුම්කර නිකුත් කර තවත් ඩොලර් ප්‍රමාණයක් එකතු කරනගෙන ජනතාවට අවශ්‍ය ඉන්ධන,ඖෂධ ආදිය ගෙනැවිත් වීරයන් සේ මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර තිබුණද ඒ සියල්ල මේ වන විට ආසාර්ථක වී තිබෙන බවයි ඔහු පවසන්නේ.

කෙසේවෙතත් දැන් පවතින තත්ත්වය අනුව මැතිවරණයක් සමඟ ජනතාවට හමුවට යාම ආණ්ඩුවට මාරාන්තික තත්ත්වයක් බවට පත්ව තිබෙන බව හෙතෙම පෙන්වාදෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

චන්ද්‍රසේකර් ප්‍රපංචයේ මනෝවිශ්ලේෂනය ….

අද මම ලියන්ට හීතුවේ අපෙ රවී සහෝදරයා (චන්ද්‍රසේකර්) තැනට...

ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන්...

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...