*
Friday, March 29, 2024
spot_img

Latest Posts

නොරොච්චෝලේ බලාගාරයක් අක්‍රීය කිරීම ජනතාව රැවටීමක්ද? (VIDEO)

නොරොච්චෝලේ ක්‍රියා විරහිත කර තිබෙන බලාගාරයේ කිසිදු දෝෂයක් නොමැති අතර පද්ධති පාලන අංශයේ දැනුම් දීමක් මත නතර කර තිබෙන බව ඒ පිළිබඳ බලාගාරයෙන් විමසීමේදී දැනගන්නට ලැබුණු බව විදුලි ඉංජිනේරු සංගමය පැවසුවේය.

ඒ අනුව අක්‍රීය කර තිබෙන බලාගාරයේ කිසිදු බිඳ වැටීමක් සිදුව නොමැති බවයි සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා සඳහන් කළේ.

අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි වීරරත්න මහතා මේ බව සඳහන් කළේ.

ඒ අනුව එම බලාගාරයෙන් ලැබුණු ගිගාවොට් 6.5 ජල විදුලි බලාගාර වලින් ලබාගැනීමට සූදානම් වන බවත් කෙසේවෙතත් මේ මොහොතේ ජලාශවල පවතින ජලය අත්තනෝමතිකව නිදහස් කිරීමෙන් ඉදිරියේදී බරපතල තත්ත්වයක් ඇති වනු ඇති බව ඔහු කියා සිටියේය.

ජලාශවල දැනට පවතින ජලය ඇත්තේ විදුලිය නිෂ්පාදනයට පමණක් නොව පානය කිරීම සඳහා මෙන්ම කෘෂිකර්ම කටයුතු සඳහාද එම ජලය අවශ්‍ය වන හෙයින් මේ මොහොතේ ප්ලනයකින් තොරව ජලාශවල ජලය නිකුත් කිරීම ප්‍රශ්න සහගත බව හෙතෙම පෙන්වාදුන්නේය.

ඇතැම් විට එළඹෙන 06 වෙනිදා ලැබීමට නියමිත ගල් අඟුරු නැව පැමිණෙන තුරු එක් බලාගාරයක් නැවැත්වීමක් සිදුකළා විය හැකි බවද ඔහු කියා සිටියේය.

එවැනි අරමුණකින් නොරෝච්චෝලයේ බලාගාරයක් අක්‍රීය කර ඇත්නම් ජනතාව රවටමින් සිදුකරන එවැනි ක්‍රියා පිළිකුල් සහගත බව වීරරත්න මහතා අවධාරණය කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan