මම දේශපාලන මැදිහත්වීම් කළායැයි ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා – කෙහෙළියගෙන් අභියෝගයක්

Date:

තමන් කිසිදු අවස්ථාවක වෛද්‍යවරුන්ගේ මාරුවීම් හෝ උසස්වීම් සම්බන්ධයෙන් කිසිදු දේශපාලන මැදිහත්වීමක් කර නොමැති බවත් තමන් එසේ කළායැයි කවුරුන් හෝ ඔප්පු කරන්නේ නම් ඕනෑම මොහොතක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමටත් තමන් සූදානම් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

“කිසිම අවස්ථාවක මේ වෛද්‍යවරුන්ගේ මාරුවීම්, උසස්වීම් මේ කිසිදේකට දේශපාලන මැදිහත්විමක් නැහැයි කියන එක පැහැදිලිවම කියන්නට ඕනෙ. කාටහරි පුළුවන් නම් දේශපාලන මැදිහත්වීමක් තුළ මෙන්න මේ දේ සිද්ධ වෙලා තියෙනවා, මෙන්න මේකට ඇමතිවරයා මැදිහත්වුණා, එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් මැදිහත්වුණා, ඒ මැදිහත් වෙච්ච කෙනාටත් මම ඉල්ලා සිටිනවා මම මැදිහත් වුණායි කියලා ප්‍රකාශ කරනවා නම්, කවුරුහරි පෙන්නුම් කරනවා නම්, ලොකුවට මේක පෙන්නුම් කරනවා නම් මම ඉල්ලා අස්වෙන්නත් සූදානම් ඕනෙ වෙලාවක”

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (22) උඩුගම ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...

එක්සත් රාජධානියෙන් ලැබුණු ආර්ථික වාසිය – ඇඟළුම් කර්මාන්තයට නව ප්‍රවේශයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා...

ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය කියන්න අගමැති මහ නායක හිමිවරු බැහැ දකියි – මාධ්‍යයටත් කතා කරයි !

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දරුවන්ගේ අධ්‍යාපනය රැක ගැනීම...