රටේ අර්බුදය විසඳන්න විපක්ෂයේ අදහසුත් ලබාගැනීමට සර්ව පාක්ෂික සමුළුවක් – බන්දුලගෙන් යෝජනාවක්

Date:

රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා විපක්ෂයේ යෝජනා ද ලබාගැනීමට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම ඉතා වැදගත් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“අපේ රට ඇතුළෙ තියෙන තත්වයට දේශපාලන කෝණවලින් බලන්නෙ නැතුව, ඇත්ත වශයෙන්ම ඇතිවෙලා තියෙන ප්‍රශ්නය, එයට හේතු වෙච්ච සාධක, ඒවා නිවැරදි කරගන්නා ආකාරය පිළිබඳ දේශපාලනික නොවන තාක්ෂණික පැහැදිලි කිරීමක් කරා යන්න ඕනෙ. දේශපාලන පක්ෂවල නායකයින් කැඳවලා ඔවුනුත් සමග සංවාදයක් ඇතිකර ගැනීම වඩා වැදගත් වෙනවා. විපක්ෂයේ කාටහරි තියෙනවා නම් හෙට මේ ප්‍රශ්නයට විසඳුමක්, ඒ විසඳුම ඉදිරිපත් කරන්න පුළුවන් නේ එවැනි සම්මේලනයක් කැඳෙව්වොත්”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/b3ST-gfkWeM සටහන – පුලී පෙබරවාරි...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...