මොන පිස්සුවක්ද ?

කොහොමත් ඉඩක් නැති නගරෙක
මොන පිස්සුවකට ද නැතිකරගත්තෙ
කණාමැදියෙක්වම ඔබ

දැන් කෝ කළුවරක්
හොයන්නෙ කොහොම ද අපි ඌව?
කවුද දන්නෙ ‘කරස්’ ගා කාලා දාලද
කවුරුම හරි ඌව?
ඔව්!! නොකිව්වට මම,
ඒ තරම් අසික්කිතයි
ඕන නගරෙක, ඕන එකෙක් මේ වෙනකොට

බැරි ද නාඩා ඉන්න?
ඔය ඉළව් කණාමැදිරියා මළා යැයි නොහිතා ඔබට?
කලින් කීවා තමයි ‘කරස්’ කතාවක්
සමාවෙන්න, ඒ මගේ අමනුස්සකම
ඒවා එන්නෙත් සංසාර පුරුද්දෙන්
අර කවුද කිව්ව පෙර ආත්මෙක
වඳුරෙක් වෙලා ගුහාවක පැන පැන උන්නු කාලෙක

තව ගොඩක් කල් යයි
නගරෙම කළුවරේ ගිලෙන්න
පත්තු කරනවා කවුරුහරි මිනිහෙක් එළියක්
ලන්තෑරුමක්, පැට්‍රොල් මැක්ස් එකක් හෝ ගිනි පෙනෙල්ලක්
අපිට බෑ ඒ එළියෙන් ගැලවෙන්න
එන්න ඇලවෙන්න ඉඩ තියෙන තැනකින්
අමතක කර ඔයාගේ ඒ නැතිව ගිය කණාමැදිරියාව

~ කාංචනා අමිලානි
2023.12.22

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...